රක්වානෙන් ඇසෙන අතිශය කණගාටුදායක පුවතක්! විහාරස්ථානයක පෙරහැරකට ගෙනා අලියෙකු පහර දීමෙන් ඇත්ගොව්වා සහ සහායකයා දෙදෙනාම මෙලොව හැර යයි.
Monday, 22 June 2026 - 10:22 | Views - 66
රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වනු ලැබූ පෙරහැරක් සඳහා රැගෙන විත් සිටි අලියෙකු සිදුකළ පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ අලියා බලාගැනීමේ කටයුතුවල නිරතව සිටි ප්‍රධාන ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයායි.
පෙරහැර මංගල්‍යය අතරතුරදී මෙම අනපේක්ෂිත පහරදීම සිදුව ඇති බව වාර්තා වෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Share This Article