විශේෂ බුද්ධි තොරතුරකින් කුරුණෑගලදී කළ හදිසි වැටලීම. අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවා කොටු කරගත් හැටි මෙන්න.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට පත් වූ මෙම ප්‍රධාන වෙඩික්කරු අහුංගල්ල සහ නාත්තන්ඩිය යන ප්‍රදේශවල පදිංචිව සිටි අයෙකු බවයි. සැකකරු සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අදාළ පොලිස් අංශ ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.