කුඩයක් අරන්ම පාරට බහින්න! දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි, ප්‍රදේශ කිහිපයකට තරමක තද සුළං..
Monday, 22 June 2026 - 8:44 | Views - 63
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (22) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි මෙන්ම තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
Share This Article
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top