වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්.. ගින්නට හේතුව තවමත් රහසක්...
වැල්ලම්පිටිය නගරයේ පිහිටි බේකරි නිෂ්පාදනාගාරයක අද (21) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ එය පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවට අයත් ගිනි නිවන රථ දෙකක් වහාම එම ස්ථානයට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.