"රිලා සංගණනයේ තොරතුරු තවමත් ලැබිලා නෑ.. වගා හානි තවමත් එලෙසමයි.." පසුගියදා පැවැත්වූ සංගණනයට සිද්ධ වුණු දේ වැවිලි ලේකම් හෙළි කරයි.
Sunday, 21 June 2026 - 17:55 | Views - 65
රුපියල් මිලියන 3.9ක පමණ විශාල මුදලක් වැය කරමින් පසුගියදා පැවැත්වූ වනසත්ත්ව (රිලා) සංගණනයේ තොරතුරු මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස අමරසිංහ පවසනවා.

ලේකම්වරයා මේ බව අනාවරණය කළේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදියි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම වනසත්ත්ව සංගණනය සහ ඒ සඳහා වැයවූ මුදල් පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වුණා.

වන සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන දැවැන්ත හානිය තවමත් එලෙසම පවතින බව වැවිලි අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා. එමෙන්ම, රිලවුන් ඇතුළු වන සතුන්ගෙන් සිදුවන මෙම වගා හානි වැළැක්වීමට හෝ අදාළ ගැටලුවට මුහුණ දීමට මෙතෙක් කිසිදු ස්ථිර හෝ නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියා.
Share This Article
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top