ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් තවත් රන් පදක්කමක්.. මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී තරිඳු දසුන් ලැබූ සුපිරි ජයග්‍රහණය මෙන්න.
මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් රන් පදක්කමක් දිනා ගැනීමට තරිඳු දසුන් සමත්ව තිබෙනවා.
තරිඳු දසුන් මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන්. එහිදී ඔහු මීටර් 2.22ක උසක් සටහන් කරමින් මෙම කැපී පෙනෙන ජයග්‍රහණය තමන් සතු කරගනු ලැබුවා.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම තැබීමට සමත් වූ තරිඳු දසුන්ගේ මෙම සුවිශේෂී දක්ෂතාවය වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් රැසක් මේ වන විට සිය සුබපැතුම් එක් කරමින් සිටිනවා.