පින් කරන්න ගිහින් අපේක්ෂා රෝහලේ ලෙඩුන්ගේ ජීවිත අනතුරේ වැටුණු හැටි! දිනපතා කෙරෙන තැඹිලි දාන පින්කම්වලට රෝහල් පාලනාධිකාරියෙන් දැමූ අලුත්ම සීමාවන් මෙන්න.
Sunday, 21 June 2026 - 17:03 | Views - 65
ජාතික පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා දිනපතා සංවිධානය කරන තැඹිලි දානමය වැඩසටහන් හේතුවෙන් මතුව ඇති සෞඛ්‍යාරක්ෂිත සහ ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින්, එම ක්‍රියාවලිය සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂවරයා විසින් විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් කමිටුව සමග සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ද ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මහරගම අපේක්ෂා රෝහල සඳහන් කළා.
පිටස්තර පුද්ගලයින් කිසිදු ආරක්ෂිත මුව ආවරණයක් හෝ අත්වැසුම් භාවිතයකින් තොරව වාට්ටු තුළට ඇතුළු වී ඇති බව ද එම නිව්දනයේ සඳහන්.
Share This Article