A/L ලියන අයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආපු නිවේදනය මෙන්න! විභාගය හරියටම පැවැත්වෙන්නේ මෙන්න මේ දවසේ...
"විභාගය කල් යයිද? තව ටික දවසක් පාඩම් කරන්න ලැබෙයිද?" කියලා හිත හිත සෝෂල් මීඩියා පුරා එක එක කතා හොයපු, ඒ වගේම විභාගය කල් දාන්න කියලා ඉල්ලීම් කරපු 2026 උසස් පෙළ සිසුන්ට ඔන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිල වශයෙන්ම තීරණාත්මක පිළිතුරක් ලැබිලා තිබෙනවා.
2026 අපොස උසස් පෙළ විභාගය කිසිදු වෙනසක් කරන්නේ නැතිව, සැලසුම් කර ඇති පරිදි නියමිත දිනටම ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට තීරණය කරලා තියෙනවා.
විභාගය සඳහා සූදානම් වීමට සිසුන්ට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළා.
එම නිසා පෙර සැලසුම් කරන ලද විභාග කාලසටහන සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ඔවුන් පැවසුවා.
ඒ අනුව, 2026 අපොස උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.