"අම්මා සඳ වූ ලොවක, හිරු ලෙස එළිය දෙන තාත්තා..." ලෝක පියවරුන්ගේ දිනය අදයි..
Sunday, 21 June 2026 - 14:06 | Views - 64
ලෝක පියවරුන්ගේ දිනය අද (21) දිනයට යෙදී තිබෙනවා. සෑම වසරකම ජුනි මාසයේ තුන්වැනි ඉරිදා දිනය ලෝක පියවරුන්ගේ දිනය ලෙස බොහෝ රටවල්වල සමරනු ලබනවා.
මෙම සැමරීම 1910 වසරේදී පමණ අමෙරිකාවෙන් ආරම්භ වූ බවයි වාර්තා වෙනවා. අනතුරුව 1916 වනවිට අමෙරිකාවේ ජනාධිපතිව සිටි වුඩ්රෝ විල්සන් මෙම දිනය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකා කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, ලෝකයේ ඇතැම් රටවල් නොවැම්බර් 19 වැනිදා ද ලෝක පියවරුන්ගේ දිනය වශයෙන් සමරනු ලබනවා.
දරුවන්ට සුව ජීවිතයක් ළඟා කරවීම වෙනුවෙන් තමන්ගේ වෙහෙස, දහඩිය සහ කඳුළු මතින් ජීවිත සටනක යෙදෙන්නේ ආදරණීය පියවරුන්ය.
මෙරට සංස්කෘතිය පදනම් කරගත් අපි, දෙමාපියන්ට සැළකීම ජීවිතයේ කොටසක් කරගෙන සිටිමු.
Share This Article