මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මත, උසස් පෙළට සුදුසුකම් ලැබූ සිසුන් ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය මෙන්න..
මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා.
2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව, උසස් පෙළ සඳහා සිසුන් 225,748ක් සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවා.
අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළා.
විෂයන් 9ටම A සාමාර්ථ ලබාගත් සංඛ්‍යාව 11,790ක් බව එසේම විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවා.
ඔවුන් අතරින් පාසල් අයදුම්කරුවන් 11,651ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 139ක් ද වන බවයි කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.
සියලු විෂයන් අසමත් 7,419ක් සිටින බවද ඇය සඳහන් කළා.
තවද, උත්තර පත්‍ර නැවත සමික්ෂණය සඳහා ජුනි 25 වැනිදා සිට ජුලි 08 වැනිදා දක්වා අයදුම් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ (19) රාත්‍රියේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණා.