දෝහා මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා ධජය ඉහළටම එසවෙයි. හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය අපේ රුමේෂ් තරංගට..
2026 දෝහා ඩයමන්ඩ් ලීග් (Doha Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දීමට රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.
එහි පැවැති පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ කැපී පෙනෙන දක්ෂතාවයක් දක්වමින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ඔහු සමත්වෙලා තිබෙනවා.
මෙම තරග ඉසව්වේදී රුමේෂ් තරංග විසින් හෙල්ල විසිකර ඇති දුර ප්‍රමාණය මීටර් 88.68ක් ලෙස සටහන් වනවා.
මෙම සුවිශේෂී දක්ෂතාවයත් සමඟින් ඔහු සිය අඛණ්ඩ දෙවන ඩයමන්ඩ් ලීග් ජයග්‍රහණය වාර්තා කිරීමටද සමත් වීම විශේෂත්වයක්.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම තැබීමට සමත් වූ රුමේෂ් තරංගගේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් රැසක් මේ වන විට සිය සුබපැතුම් එක් කරමින් සිටිනවා.