ටෙලිග්‍රෑම් පාවිච්චි කරන අයට ලොකු පහරක්! විභාග වංචා හේතුවෙන් ඉන්දියාවේ Telegram තහනම ස්ථිර වෙයි..
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සිදුවීම් වැළැක්වීම සඳහා ඉන්දීය රජය විසින් ටෙලිග්‍රෑම් (Telegram) ඇප් එකට පනවා තිබූ තාවකාලික තහනමට එරෙහිව එම සමාගම ඉදිරිපත් කළ ඇපෑල ප්‍රතික්ෂේප කිරීමට දිල්ලි මහාධිකරණය අද (19) පියවර ගෙන තිබෙනවා.
රජය විසින් පනවා ඇති මෙම තහනම නීත්‍යානුකූල පටිපාටියට අනුකූලව සිදුකර ඇති බව විනිසුරු තේජාස් කාරියා (Tejas Karia) තීන්දු කර තිබෙනවා.
ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ඉන්දියාවේ ජාතික වෛද්‍ය ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර විකුණන බවට ප්‍රකාශ කළ ටෙලිග්‍රෑම් චැනල සම්බන්ධයෙන් ඇති වූ දැඩි කනස්සල්ල හේතුවෙන් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම පෙරනොවූ විරූ තහනම පනවා තිබුණා.
මෙම තහනම එළඹෙන ජුනි 22 වැනිදා දක්වා බලාත්මක වෙනවා.
ඉන්දීය විදුලි සංදේශ සමාගම් මෙන්ම ගූගල් (Google) සහ ඇපල් (Apple) සමාගම්ද එක්ව මෙම තහනම ක්‍රියාත්මක කිරීම නිසා ටෙලිග්‍රෑම් ඇප් එක පැය කිහිපයක් ඇතුළත ඉන්දියාව තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වූ අතර ප්‍රධාන ඇප් ස්ටෝර්ස් (App Stores) වෙතින්ද ඉවත් කරනු ලැබුවා.
පරිශීලකයින් මිලියන 150කට වඩා (150,000,000) සිටින ටෙලිග්‍රෑම් සමාගමේ විශාලතම වෙළෙඳපොළ ඉන්දියාව වීමද විශේෂත්වයක්. මෙම තහනම සම්බන්ධයෙන් ටෙලිග්‍රෑම් නිර්මාතෘ පාවෙල් දුරොව් (Pavel Durov) ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කර ඇති අතර, මෙවැනි තහනමකින් සිදුවන්නේ සාමාන්‍ය පරිශීලකයින්ට දඬුවම් ලැබීම පමණක් බවත්, ප්‍රශ්න පත්‍ර කාන්දු කරන්නන් වෙනත් ක්‍රම වෙත යොමුවන බවත් ඔහු කියා සිටියා.
රොයිටර් පුවත් සේවයට අනුව, ප්‍රශ්න පත්‍ර කාන්දු කරන ගිණුම් ඉවත් කිරීමට ටෙලිග්‍රෑම් සමාගම අපොහොසත් වීම හේතුවෙන් ඉන්දීය රජය මීට පෙර ඔවුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබුණා.
රජයේ චෝදනා ඒකපාර්ශ්වික සහ අසත්‍ය බව ටෙලිග්‍රෑම් සමාගම අධිකරණය හමුවේ කියා සිටියා. විභාග වංචාවලට සම්බන්ධ ලින්ක් (Links) 900කට වඩා වැඩි ප්‍රමාණයක් තමන් දැනටමත් ඉවත් කර ඇති බවද ඔවුන් පෙන්වා දුන්නා.
මීට මසකට පෙර පැවැති විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින්ම කාන්දු වීම නිසා එහි ප්‍රතිඵල අවලංගු කිරීමට ඉන්දීය බලධාරීන්ට සිදුවූ අතර, එම විභාගයම ලබන ඉරිදා නැවත පැවැත්වීමට නියමිතව තිබෙනවා.