සහන කාලය ඉවරයි, අද සිට අධිවේගී මාර්ගයේ යන හැමෝටම ආසන පටි අනිවාර්යයි. නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න පොලිසිය පාරට බැස්ස හැටි..
Friday, 19 June 2026 - 15:04 | Views - 196
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් රජය මඟින් ලබා දී තිබූ මාස තුනක සහන කාලය අද (19) දිනයෙන් අවසන් වනවා. ඒ අනුව අද සිට අධිවේගී මාර්ග තුළ ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරෙනවා.

නීතිය ක්‍රියාත්මක වන පළමු දිනය වූ අද පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පිවිසුම අසලදී විශේෂ පරීක්ෂාවක් සිදු කෙරුණා.

එහිදී අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පැමිණි පෞද්ගලික වාහන මෙන්ම මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගත් මගීන් ආසන පටි පැළඳ සිටින්නේ දැයි පොලිස් නිලධාරීන් විසින් දැඩි ලෙස නිරීක්ෂණය කරනු ලැබුවා.

මෙම සෝදිසි කිරීම් අතරතුර පානදුර සිට කඩුවෙල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්ද පොලිස් පරීක්ෂාවට ලක් වුණා. එහිදී එම බස් රථයේ ගමන් ගත් මගීන් 33 දෙනාගෙන් කිසිවෙකුත් ආසන පටි පැළඳ නොසිටි බවයි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව, අදාළ බස් රථයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය වහාම පියවර ගෙන තිබෙනවා.

අධිවේගී මාර්ග පරිශීලනය කරන සියලුම රියදුරන් සහ මගීන් මින් ඉදිරියට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආසන පටි පැළඳීමට වගබලා ගත යුතු බව පොලිසිය සිහිපත් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top