ජර්සියෙන් කඳුළු පිසදමමින් ලෝකයම හැඬවූ මෙසීගේ කඳුළුවල සැබෑ රහස එළියට.. පියාගේ රෝගී තත්ත්වය මැද මෙසී මුහුණ දුන් දුෂ්කරම කාලය ගැන පවුලේ අය කියූ කතාව.
Friday, 19 June 2026 - 15:00 | Views - 147
සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ (Lionel Messi) පියා වන ජෝර්ජ් මෙසී (Jorge Messi) දැනට මුහුණ දී සිටින සෞඛ්‍ය ගැටලුවකින් සුවය ලබමින් සහ "යහපත් ලෙස ප්‍රතිචාර දක්වමින්" පසුවන බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊයේ (18) නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඇල්ජීරියාවට එරෙහිව ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව, ලියොනෙල් මෙසී සිය ජර්සියෙන් කඳුළු පිසදමමින් දැඩි සේ සංවේදී වූ අයුරු දැකීමෙන් පසුව ඔහුගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණා.

තමන් හැඬුවේ ක්‍රීඩාවට සම්බන්ධ නොවන පෞද්ගලික හේතුවක් මත බවත්, පසුගිය දින කිහිපය තුළ තමන් දැඩි දුෂ්කර කාලවකවානුවක් පසු කළ බව මෙසී පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.

මෙසීගේ පවුලේ සාමාජිකයන් පවසන පරිදි ජෝර්ජ් මෙසී දැනට "වෛද්‍ය අධීක්ෂණය යටතේ" පසුවන අතර, පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඔවුහු මාධ්‍ය සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත්, ඔහු මුහුණ දී සිටින සෞඛ්‍ය ගැටලුවේ නිශ්චිත ස්වභාවය පිළිබඳව එම නිවේදනයේ කිසිවක් සඳහන් කර නැහැ.

මේ අතර, මෙසීගේ පියා දැනට ආර්ජන්ටිනාවේ රෝහලක තරමක් බරපතළ තත්ත්වයෙන් පසුවන බව පවුලේ හිතවතකු රොයිටර් පුවත් සේවයට (Reuters) පවසා තිබෙනවා.

තම ලෝක කුසලාන ශූරතාව රැකගැනීමේ අරමුණින් තරග වදින ආර්ජන්ටිනා කණ්ඩායම, එළඹෙන සඳුදා දින 'J' කාණ්ඩය (Group J) යටතේ ඔස්ට්‍රියාව සමඟ සිය මීළඟ තීරණාත්මක තරගයට මුහුණ දීමට නියමිතව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top