පවතින කාලගුණයත් එක්ක ප්‍රවේශමෙන්.. උණ රෝග කිහිපයක් පැතිරීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ හෙළි කරයි..
Friday, 19 June 2026 - 12:33 | Views - 253
මේ දිනවල පවතින්නේ, ටිකක් වෙනස් විදිහක කාලගුණ තත්වයක්..

ඒ නිසා පැතිර යන ලෙඩ රෝග ගැනත් බොහෝමයක් අහන්න ලැබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසුණු තවත් විශේෂ කතාවක්.

සෞඛ්‍ය අංශවලින් ඒ ගැන මහජනතාවට කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. ඩෙංගු වසංගතය සමග වෛරස උණ වර්ග කීපයක්ම පැතිර යමින් තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ බැවින් වඩාත් සැලකිල්ලෙන් සිටින ලෙස ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළා.කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු මෙන්ම අනෙකුත් වෛරස උණ පැතිරීම ප්‍රබල තත්ත්වයට පත් වෙමින් තිබෙන බවද ඇය පැවැසුවා.

මෙම වසරේ ගෙවී ගිය මාස පහයි දින 18 ක කාලය තුළ ඩෙංගු රෝගීන් 43,559 ක් මෙරටින් හමුවී ඇතැයිද ඇය සඳහන් කළා.

මෙම වසර තුළ ඩෙංගු මරණ 27 ක් වී ඇති අතර මියගිය අයගෙන් විසිඑක් දෙනෙක්ම කාන්තාවන්.

මියගිය පිරිස අතර පාසල් දරුවන් සිව් දෙනෙක් සිටින බවද ඇය පැවැසුවා.පවතින සංඛ්‍යා දත්ත ප්‍රක්ෂේපණයේ දී මෙලෙස ඩෙංගු ව්‍යාප්ත වුවහොත් රෝගීන් ලක්ෂය ඉක්මවා යෑමේ අනතුරක් දක්නට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top