ඇය මෙහෙම කළ පළමු දවස මෙය නොවෙයි.. සුපිරි වෙළෙඳසලකින් සුපිරි බඩු අත්බෑගයට දමාගත් ලෝයර් නෝනාට වැඩ වරදී..
Friday, 19 June 2026 - 11:48 | Views - 154
විශ්වාස කරන්නත් පුළුවන්ද..? ඇය මෙහෙම සොරා ගත් පළමු දිනය එය නොවන බව. ඇසූවන්ගේ ඇස් මවිත කරමින් රත්මලානෙන් ඇසුණු ඒ කතාව මොකක්ද කියලා බලන්නකෝ.

කොළඹ වාණිජ බැංකුවක නීති අංශයේ නීතිඥවරියක් රත්මලානේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් එළු මස්, කුකුළු මස් හා කජු ඇතුළු භාණ්ඩ කීපයක් සොරාගෙන යමින් සිටියදී ඊයේ (18) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.

එසේ සොරා ගත් භාණ්ඩ අතර රුපියල් 5290ක් වටිනා කුකුළු මස් ග්‍රෑම් 520ක්, එළු මස් ග්‍රෑම් 250ක්, බදින ලද කජු, දත් බුරුසුවක් හා ලන්ච් ශීට් පැකට්ටුවක් ඇයගේ අත්බෑගය තුළ සඟවා සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි කාන්තාවක් හොර රහසේ තම අත්බෑගයට භාණ්ඩ කීපයක් දමා ගන්නා අයුරු CCTV කැමරාවේ සටහන් වන බවත්, ඇය සුළු මොහොතකින් එම ස්ථානයෙන් පිටවීමට නියමිත බවත් පවසමින් එම වෙළෙඳසලෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත ඊයේ (18) රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබුණ බව පොලිසිය පවසනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කාන්තාව වෙළෙඳසලෙන් පිටවීමේදී ඇයගේ අත්බෑගය පොලිස් කාන්තාවක් ලවා පරික්ෂා කිරීමේදී හොර රහසේ අත්බෑගයට දමා ගත් භාණ්ඩ සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සැකකාර නීතිඥවරිය පෙරේදා (17) දින ද මේ අයුරින්ම එම සුපිරි එම වෙළෙඳසලෙන් මාළු සොරාගෙන ඇතැයි ද පොලිසිය පවසනවා.

සැකකාර නීතිඥවරිය සන්තකයේ තිබූ නීතිඥ හැඳුනුම්පතේ පන්නිපිටිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව ඇතත්, ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top