ලංකාවේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට පාසලෙන් පටන් ගන්නා දැවැන්ත මෙහෙයුම... ලබන සඳුඳා සිට පාසල් ආපනශාලාවලට තහනම් ආහාර ලැයිස්තුවක්..
Thursday, 18 June 2026 - 12:16 | Views - 94
මෙරට පාසල් දරුවන්ගෙන් සියයට විස්සක (20%) පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙළිවීමත් සමඟ, දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් ආපන ශාලා සඳහා නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙම මාර්ගෝපදේශන මාලාවට අදාළ විශේෂ චක්‍රලේඛය සියලුම පළාත්, කලාප අධ්‍යාපන කාර්යාලවලට සහ විදුහල්පතිවරුන්ට යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව) පී. සුදර්ශන පීරිස් සඳහන් කළා.

මෙම නව වැඩසටහන ලබන සඳුදා (22 වැනිදා) සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.

රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල්වල ආපනශාලාවල අලෙවිය තහනම් ආහාර වට්ටෝරු ගණනාවක්ම මීට ඇතුළත්.

මෙරට මිනිස්සු අඩු වයසින් මියයාම අවම කිරීම, දරුවන් පෝෂණීය ආහාර රටාවකට යොමු කිරීම සහ බෝ නොවන රෝගවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම ඇතුළු මූලික අරමුණු පහක් යටතේ විද්වත් කමිටුවක් විසින් මෙම මාර්ගෝපදේශය සකස් කර තිබෙනවා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ බුද්ධිකා සුදසිංහ ප්‍රකාශ කළ පරිදි පහත ආහාර වර්ග පාසල් තුළ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙනවා.

සොසේජස්, මීට් බෝල්ස්, බේකන්, සොසේජස් බනිස්, බර්ගර්, හොට්ඩෝග්, පීසා, සබ්මැරින්, පේස්ට්‍රි, ක්‍රීම් බනිස්, ජෑම් බනිස්, කේක් වර්ග, සියලුම බිස්කට් වර්ග, ක්ෂණික නූඩ්ල්ස්, ක්ෂණික සුප් වර්ග, සුප් කැට, සීසනින් පවුඩර් සහ කෘත්‍රිම රසකාරක යෙදූ චිලිපේස්ට්, තක්කාලි සෝස්, සෝයා සෝස්, පැකට් හා ටින් කළ අච්චාරු, බයිට්, මුරුක්කු, බූන්දි, මස්කට්, චුයින්ගම්, ටොෆි, ලොසින්ජර්, ලොලිපොප්, දෝසි, කිසස්, ජුජුබ්ස්, බොන්බයි මොටයි, බුල්ටෝ, අයිස් පැකට්, අයිස් පලම්, ජෙලි වර්ග, චොකලට්, අධික සීනි සහිත පුඩින් වර්ග, කාබනික දෑ අඩංගු බීම, රසකාරක හා වර්ණ කාරක අඩංගු පාන, යෝගට්, ශක්තිපාන (Energy drinks), ක්ෂණික තේ සහ කෝපි.

මාධ්‍ය හමුවට එක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පෝෂණ අංශය) විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මෙරට පවතින පෝෂණ අර්බුදය පිළිබඳව මෙලෙස දත්ත ඉදිරිපත් කළා.

අවුරුදු 5ට අඩු දරුවන් අතරින් 10.1%ක් මිටි බවින්ද, 8.6%ක් කෘශ බවින්ද, 16.1%ක් අඩු බරින්ද, 0.57%ක් අධි බරින්ද පෙළෙන අතර වැඩිහිටි පිරිමින් 30%ක් අධි බරින් පෙළෙන අතර ඉන් 6%ක් දැඩි ස්ථුලභාවයෙන්ද වැඩිහිටි කාන්තාවන් 47.6%ක් අධි බරින් පෙළෙන අතර ඉන් 15%ක් දැඩි ස්ථුලභාවයෙන් යුක්ත වෙනවා.

මෙම අහිතකර තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා පාසල් ආපන ශාලාවල අලෙවි නොකළ යුතු ආහාර වර්ග පිළිබඳව විදුහල්පතිවරුන් ඇතුළු අදාළ අංශ විසින් නිරන්තරයෙන් සෝදිසි කිරීම් සිදු කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top