බඩු මිලෙන් පීඩා විඳින ජනතාවට සහනදායී ආරංචියක්! අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අද සිට පහළට..
Thursday, 18 June 2026 - 11:38 | Views - 180
ජීවන වියදම ඉහළ යමින් පවතින පසුබිමක මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල හෙට සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මෙලෙස මිල පහත දැමූ අත්‍යවශ්‍ය භාණ්ඩ, දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසල් මඟින් අද (18) දින සිට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකිවී තිබෙනවා.

සතොස ආයතනය මඟින් මිල පහත දැමූ භාණ්ඩ වර්ග සහ අඩු කළ මුදල පහත පරිදි වේ.

ලොකු කඩල කිලෝවක් රුපියල් 5කින්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින්, පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 6කින්, රතුනාඩු සහල් කිලෝවක් රුපියල් 5කින්, සම්බා රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10කින්, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 5කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 2කින් සහ සුදු කැකුළු සම්බා සහල් කිලෝවක් රුපියල් 5කින් මිල පහත දමා තිබෙනවා.

මෙම මිල සංශෝධනයත් සමඟ සාමාන්‍ය ජනතාවට තමන්ගේ එදිනෙදා ආහාර අවශ්‍යතා සඳහා වැයවන මුදල යම් ප්‍රමාණයකට කළමනාකරණය කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top