ලෝකයම හොල්ලන හෙල්ලේ බලය! රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගම් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට..
ලෝක මලල ක්රීඩා සංගමය අද (17) ප්රකාශයට පත් කළ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්රේණිගත කිරීම්වල (World Rankings) දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකාවේ සුපිරි ක්රීඩක රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
මීට පෙර ඔහු පසුවූයේ මෙම ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේයි.
ඊයේ (16) චෙක් ජනරජයේ පැවැති සුප්රසිද්ධ ‘ඔස්ට්රාවා ගෝල්ඩන් ස්පයික්’ මලල ක්රීඩා ශූරතාවලියේදී ප්රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් සමත් වුණා. එම විශිෂ්ට ජයග්රහණයත් සමඟ ඔහුගේ ශ්රේණිගත කිරීම් ලකුණු ප්රමාණය 1,333ක් දක්වා ඉහළ ගියා.
පෙර ශ්රේණිගත කිරීම්වලදී රුමේෂ් තරංග පසුවූයේ එවකට දෙවැනි ස්ථානයේ සිටි ග්රෙනඩා රාජ්යයේ ඇන්ඩර්සන් පීටර්ස්ට (ලකුණු 1,326) වඩා ලකුණු 2ක ඉතා සුළු පරතරයකින් පසුපසිනි.
නමුත් ඊයේ ලැබූ ජයග්රහණයත් සමග ඇන්ඩර්සන් පීටර්ස් අභිබවා යමින් දෙවැනි ස්ථානය තමන් සතු කරගැනීමට රුමේෂ් තරංගට හැකිව තිබෙනවා.
මෙම ලැයිස්තුවේ ප්රථම ස්ථානය තවමත් ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන සිටිනවා.