උඩරට දුම්රිය මඟින්ට සුබ ආරංචියක්.. ‘දිට්වා’ කුණාටුවෙන් නැවතුණු උඩරට දුම්රිය එළැඹෙන 20 වනදා සිට නානුඔයෙන් බදුල්ලට..
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ, නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් එළැඹෙන සෙනසුරාදා (20) සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
හැටන් ලංගම ඩිපෝවේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි ඊයේ (17) පැමිණි අවස්ථාවකදී මේ බව අනාවරණය කළා.
සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට උඩරට දුම්රිය ධාවනය බදුල්ල සහ අඹේවෙළ යන ප්‍රදේශවලට පමණක් සීමා වී පවතිනවා.
සුළි කුණාටුවෙන් හානියට පත් දුම්රිය මාර්ගයේ සෙසු කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ඉතා කඩිනමින් සිදුවෙමින් පවතින බවයි මංජුල සුරවීරආරච්චි සඳහන් කළා.
ඒ අනුව, එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට නාවලපිටියේ සිට බදුල්ල දක්වා සම්පූර්ණයෙන්ම මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.