උඩරට දුම්රිය මඟින්ට සුබ ආරංචියක්.. ‘දිට්වා’ කුණාටුවෙන් නැවතුණු උඩරට දුම්රිය එළැඹෙන 20 වනදා සිට නානුඔයෙන් බදුල්ලට..
Thursday, 18 June 2026 - 9:54 | Views - 84
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ, නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් එළැඹෙන සෙනසුරාදා (20) සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

හැටන් ලංගම ඩිපෝවේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි ඊයේ (17) පැමිණි අවස්ථාවකදී මේ බව අනාවරණය කළා.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට උඩරට දුම්රිය ධාවනය බදුල්ල සහ අඹේවෙළ යන ප්‍රදේශවලට පමණක් සීමා වී පවතිනවා.

සුළි කුණාටුවෙන් හානියට පත් දුම්රිය මාර්ගයේ සෙසු කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ඉතා කඩිනමින් සිදුවෙමින් පවතින බවයි මංජුල සුරවීරආරච්චි සඳහන් කළා.

ඒ අනුව, එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට නාවලපිටියේ සිට බදුල්ල දක්වා සම්පූර්ණයෙන්ම මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඇය ලංකාවේ සරාගී රංගන ශිල්පිනියන් අතර නම රඳවපු කෙනෙක්. අද දවසත් ඇයට ගොඩක් විශේෂයි....
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top