ක්‍රීඩාවට ලැදි අයටයි, Photo Edit කරන්න ආස අයටයි ලැබුණු සුපිරි තෑග්ග.. Facebook එකට අලුතෙන්ම එන 'AI' මැජික් එක මෙන්න.
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා අතර පහසුවෙන් සම්බන්ධ වීම සඳහා උපකාරී වන කෘතිම බුද්ධිය (AI) මඟින් ක්‍රියාත්මක වන නව විශේෂාංග රැසක් මෙටා (Meta) සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා.
මෙම නව එකතු කිරීම් අතර 'AI Mode' ප්‍රමුඛතම විශේෂාංගයක් වන අතර, මෙය මෙටා AI (Meta AI) මඟින් ක්‍රියාත්මක වන සෙවුම් පහසුකමකි.
සාමාන්‍ය සෙවුම් ප්‍රතිඵල පමණක් පෙන්වනවා වෙනුවට, ෆේස්බුක් ගෲප් සහ රීල්ස් ඇතුළු මෙටා සමාගමට අයත් වේදිකාවල ප්‍රසිද්ධියේ බෙදාගෙන ඇති (Publicly shared) අන්තර්ගතයන් පදනම් කරගනිමින්, සැබෑ පරිශීලකයින්ගේ අදහස්, මතයන් සහ නිර්දේශ ලබා දීමට මෙම විශේෂාංගය සැලසුම් කර තිබෙනවා.
අන්තර්ගතයන් නිර්මාණය කිරීම සරල කිරීම සඳහා කොලාජ් ටෙම්ප්ලේට් (Collage templates), ස්වයංක්‍රීය වීඩියෝ මොන්ටාජ් (Automated video montages) සහ ට්‍රාන්සිශන් ඉෆෙක්ට්ස් (Transition effects) ඇතුළත්, යාවත්කාලීන කරන ලද 'කැමරා රෝල් ශෙයාරිං' මෙවලම් හඳුන්වා දී තිබෙනවා.
මෙටා සමාගමට අනුව මෙම පහසුකම අනිවාර්ය නොවන (Optional) අතර ඕනෑම වේලාවක එය අක්‍රිය (Disable) කිරීමේ හැකියාව පවතිනවා.
පරිශීලකයින්ට තමන්ගේ ඡායාරූපවල ඇති ඇඳුම් පැළඳුම්, කොණ්ඩා මෝස්තර සහ උපාංග (Accessories) ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වෙනස් කිරීමට ඉඩ සලසන නව 'AI එඩිටිං' විශේෂාංගද මීට ඇතුළත්.
මීට අමතරව ක්‍රීඩා ලෝලීන්ට ස්ටෝරීස් සහ ප්‍රොෆයිල් පික්චර්ස් සඳහා ලබා දී ඇති AI මෙවලම් භාවිතයෙන්, තමන් කැමති ක්‍රීඩා කණ්ඩායම්වල නිල ඇඳුම් (Jerseys) ඩිජිටල් ලෙස හැඳින්වීමේ හැකියාවද ලැබෙනවා.
ෆේස්බුක් අත්දැකීම තුළ කෘතිම බුද්ධිය උපරිමයෙන් භාවිත කරමින්, පරිශීලකයින්ට තොරතුරු සොයා ගැනීමට සහ නිර්මාණශීලිත්වය ප්‍රකාශ කිරීමට පහසු කිරීම අරමුණු කරගත් මෙම නව විශේෂාංග මේ වන විට ලොව පුරා පරිශීලකයින් වෙත ක්‍රමයෙන් නිකුත් කරමින් පවතිනවා.