දෑසට කඳුළක් උනන සංවේදී දසුනක්! මියගිය ස්වාමියාගේ දේහය අසලින් සෙලවෙන්නවත් අකමැති වුණු ඒ අහිංසක සුරතලා....
අද කාලේ සමහර මිනිස්සුන්ගෙන් මනුස්සකම, ආදරය, ලෙන්ගතුකම ගිලිහී යද්දී, තමන්ට කන්න බොන්න දීලා ආදරෙන් බලාගත්තු ස්වාමියා වෙනුවෙන් තිරිසන් සතුන් දක්වන ආදරය දකිද්දී ඇත්තටම අපේ හදවත් කම්පනයට පත් වෙනවා. එවැනි අතිශය සංවේදී සහ නෙතට කඳුළක් උනන අපූරු දසුනක් රැගත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා කාගේත් දැඩි අවධානයට ලක්වෙමින් පවතිනවා.
පෙනෙන විදිහට මෙලොව හැර ගොස් තිබෙන්නේ මේ සුනඛ පැටියා පණ වගේ ආදරය කරපු ඔහුගේ ස්වාමියායි. තමන්ගේ ස්වාමියා නිසල වී සිටින දේහය වටේටම කැරකි කැරකි, ඔහුට මොකද වුණේ කියලා බලන්න මේ අහිංසක සතා දරන උත්සාහය දකිද්දී එතැන සිටි කාගේත් දෑස් තෙත් වී තිබෙනවා.
මේ සතාගේ නොසන්සුන්කම සහ වේදනාව තේරුම් ගත්තු එතැන සිටි කරුණාවන්ත නැන්දා කෙනෙක්, මේ සුනඛ පැටියාව වඩාගෙන ස්වාමියාගේ දේහය පෙන්වීමට කටයුතු කර තිබෙනවා. ඉන්පසු දේහය අසලින්ම පුටුවක් තබා මෙම අහිංසකයාව ඒ මත වාඩි කරවීමටයි ඇය පියවර ගෙන තිබෙන්නේ.
වෙනදාට දඟලන, බුරන සතෙක් වුණත් මේ වෙලාවේ සිදුවී ඇති දේ වැටහී ඇති සෙයක් පෙන්වමින්, කිසිදු ශබ්දයක් හෝ කලබලයක් නොකර පුටුව මතට වී තමන්ගේ ස්වාමියා දිහාම බලාගෙන ඉන්නා දසුන ඇත්තටම දරාගන්න අපහසුයි.
ඔවුන් දෙදෙනා ජීවත්ව සිටි කාලයේ කෙතරම් ආදරයෙන් සහ බැඳීමකින් ඉන්න ඇත්දැයි මේ දසුනෙන් මනාව පැහැදිලි වෙනවා. අද කාලේ සමහර මිනිස්සු ළඟවත් දකින්න ලැබෙන්නේ නැති උතුම් සංවේදීකමක්, කතා කරගන්න බැරි මේ අහිංසක සතුන් තුළ තැන්පත් වී තිබීම පුදුම සහගතයි.
තමන්ගේ ආදරණීයයා තනි කර දමා ගොස් ඇති බව වැටහෙන විට ඒ හිතේ කියාගන්න බැරි තරම් ලොකු දුකක්, පාළුවක් ඇති බව රහසක් නොවේ.
සමාජ මධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝවක් ඇසුරෙන්..