"අම්මේ මගේ මූණ හැමදාම මෙහෙම තියෙයිද? පාසල් ලැබ් එකේදී මුහුණ පිළිස්සුණු බණ්ඩාරවෙල දැරියගේ කඳුළු කතාව අම්මා හඬනමින් කියයි.
Wednesday, 17 June 2026 - 19:31 | Views - 77
සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ආසාවෙන් හීන මවපු පුංචි දියණියකට පාසලේදී මුහුණ දෙන්නට සිදුවුණු අවාසනාවන්ත ඛේදවාචකයක් ගැන බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මේ කතාව අහන ඕනෑම කෙනෙකුගේ ඇසට කඳුළක් එන තරමටම සංවේදියි.

සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය මාර්තු 23 වෙනිදා බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේදීයි. 11 වසරේ ඉගෙනුම ලබන මේ දැරිය පාසලේ විද්‍යාගාරය ඇතුළේ පරීක්ෂණයක් කරමින් ඉන්න අතරතුරේදී තමයි මේ අවාසනාවන්ත අනතුරට මුහුණ දීලා තියෙන්නේ. අනතුරින් දැරියගේ මුහුණට වගේම වම් අතට සහ දකුණු අතටත් දරුණු විදිහට පිළිස්සුම් තුවාල වෙලා.

මේ ගැන මාධ්‍යයට අදහස් දක්වපු දැරියගේ මව වන මල්ලිකා අත්තනායක මහත්මිය කියන්නේ හද කම්පා කරවන කතාවක්.

"මගේ දරුවට ගොඩක් පිළිස්සුම් තුවාල තියෙනවා. ඉස්කෝලෙන් ඒගොල්ලෝ බණ්ඩාරවෙල ඉස්පිරිතාලෙට අරගෙන ගිහිල්ලා තමයි මට කෝල් කරලා කිව්වේ... දුව මගෙන් අහනවා 'අම්මේ මගේ මූණ හැමදාම මෙහෙමද තියෙන්නේ' කියලා..."

මේ අනතුර නිසා දැරියගේ මුහුණට සහ අත්වලට දැඩි හානි සිදුවෙලා තිබුණත්, මේ පුංචි දියණියගේ හිතේ තියෙන ධෛර්යය නම් ටිකක්වත් අඩුවෙලා නැහැ. කොතරම් වේදනාවක් දැනුණත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට කොහොම හරි මුහුණ දෙනවා කියන දැඩි අධිෂ්ඨානයෙන් ඇය පසුවන බවයි මව සංවේදීව කියා සිටියේ.

මේ කම්පනය දනවන සිදුවීම ගැන ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මේ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.

"දරුවා රෝහල්ගත කරලා හිටපු නිසා අපිට ඒ ළමයාගෙන් කටඋත්තරයක් ගන්න බැරි වුණා. කටඋත්තරේ ලැබුණු වහාම අපි ඒ අනුව කටයුතු කරගෙන යනවා."

ඒ වගේම, මේ දිරිය දැරියගේ O/L හීනය හැබෑ කරගන්න උදව්වක් විදිහට, ඇයට විභාගයට මුහුණ දීමට හැකි වන පරිදි නිවසටම ගොස් හෝ අවශ්‍ය ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස පළාත් ආණ්ඩුකාරවරයා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට මේ වනවිටත් විශේෂ උපදෙස් ලබා දී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය ඇතුළේ ඉහළින්ම වැජඹෙන, නිතරම වගේ හැමෝගෙම කතාබහට ලක්වෙන තාරකාවක්...
Hiru Tv Blog
සුහන්දි වොශදී කියන්නේ මේ දිනවල ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂතම මෙන්ම ප්‍රේක්ෂක...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top