පාපන්දු ඉතිහාසයේ නව වාර්තාවක්.. ලෝක කුසලාන 6ක නොමැකෙන සටහනක් තැබූ මෙසී..
Wednesday, 17 June 2026 - 18:47 | Views - 173
මේ කියන්න යන්නේ ඔහු ගැන තවත් විශේෂ පුවතක්. එක් ක්‍රීඩකයෙක්, ලෝක කුසලාන තරගාවලි 6ක්..
 
ලොවක් මවිත කළ මේ ක්‍රීඩකයා නමින් ලයනල් මෙසී..

ජාත්‍යන්තර පාපන්දු පිටියේ නොමැකෙන සටහන් තබා ඇති ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී (Lionel Messi), ලෝක පාපන්දු ඉතිහාසයේ කිසිදු ක්‍රීඩකයෙකු මෙතෙක් නොතැබූ අතිවිශේෂ වාර්තාවක් තබා තිබෙනවා.

ඒ, නිල වශයෙන් ලෝක කුසලාන තරගාවලි 6ක් සඳහා ක්‍රීඩා පිටියට පිවිසි ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

දැනට පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ, ඇල්ජීරියාවට එරෙහිව අද (17) පැවැත්වෙන මූලික වටයේ තරගයට ආර්ජන්ටිනා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වීමත් සමඟයි මෙසී මෙම ඓතිහාසික වාර්තාව තමා සතු කර ගත්තේ.

2006 වසරේදී සිය ප්‍රථම ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ මෙසී, එතැන් පටන් අඛණ්ඩව ලෝක කුසලාන පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

ඒ අනුව, ඔහු මින්පෙර, 2006 - ජර්මනිය (පළමු ලෝක කුසලාන ප්‍රවේශය), 2010 - දකුණු අප්‍රිකාව, 2014 - බ්‍රසීලය, 2018 - රුසියාව, 2022 - කටාර් යන තරගාවලි සඳහා අඛණ්ඩව සහභාගි වී තිබෙනවා.

2022 වසරේදී කටාර් රාජ්‍යයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ආර්ජන්ටිනාවට ලෝක ශූරතාවය දිනා දීමට නායකත්වය දුන් මෙසී, එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි "රන් පන්දුව" (Golden Ball) සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top