"අමාලි නැති වුණේ නෑ... එයා හොස්පිටල් එකේ ඉඳන් මං එන්නේ කොයි වෙලේද කිය කිය බලා බලා ඉන්නේ." ලොකු අයියා මුහුණු පොතට එකතු කළ සංවේදී සටහන..
Wednesday, 17 June 2026 - 18:44 | Views - 102
සමාජ මාධ්ය ජාලාවල නිරන්තරයෙන්ම කාගේත් අවධානය දිනාගන්නා චරිතයක් තමයි "මව්පිය සෙවණේ" අමාලි කියන්නේ. ඇය ගැන සත්ය අසත්ය තොරතුරු රැසක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා සංසරණය වුණා. මේ අතරින් ඇය මෙලොව හැර ගිය බවට පළ වූ ඇතැම් සටහන් නිසා ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් දැඩි සේ කම්පනයට පත් වුණා.
 
කෙසේ වෙතත්, මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ පැතිර යන මෙම කටකතා සම්පූර්ණයෙන්ම අසත්ය බව මව්පිය සෙවණේ ලොකු අයියා නිල වශයෙන් ප්රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ අමාලි තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඇය රෝහල්ගතව ප්රතිකාර ලබමින් පසුවන බවත්ය.

තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් ඔහු ඉතාමත් සංවේදීව සහ දැඩි කනස්සල්ලෙන් යුතුව මෙසේ පවසා සිටිනවා...

"අමාලි නැති වුණේ නෑ... එයා හොස්පිටල් එකේ ඉඳන් මං එන්නේ කොයි වෙලේද කිය කිය බලා බලා ඉන්නේ.
ඒක හින්දා අමාලි නැති වුණා කියලා ෆොටෝ හදලා දාන්න එපා. ඒක මට කියා ගන්න බැරි වේදනාවක්.. මේක මට දැන් ඔළුව එක තැනක තියාගෙන ඉන්න බැරි තරම් මානසික පීඩනයක් වෙලා."

ලයික්ස් සහ වීව්ස් ලබාගැනීමේ පටු අරමුණින් මෙවැනි අසත්ය ප්රචාරයන් සිදු නොකරන ලෙසත්, රෝගී තත්ත්වයෙන් පසුවන අමාලි වෙනුවෙන් හැකි නම් ප්රාර්ථනාවක් පමණක් සිදුකරන ලෙසත් ඔහු සමස්ත ලංකාවාසී සමාජ මාධ්ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය ඇතුළේ ඉහළින්ම වැජඹෙන, නිතරම වගේ හැමෝගෙම කතාබහට ලක්වෙන තාරකාවක්...
Hiru Tv Blog
සුහන්දි වොශදී කියන්නේ මේ දිනවල ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂතම මෙන්ම ප්‍රේක්ෂක...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top