සරසවි සිහින දකින දරුවන්ට සුබ ආරංචියක්.. බලාපොරොත්තු වූ කඩඉම් ලකුණු පළමු සතියේම නිකුත් කිරීමට සූදානම්..
Wednesday, 17 June 2026 - 15:47 | Views - 161
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ තමන්ට කැම්පස් යන්න ලැබෙයිද නැද්ද කියලා ලොකු කුතුහලයකින් සහ බලාපොරොත්තුවකින් හිටපු දරුවන්ට වගේම දෙමාපියන්ටත් මෙන්න ඉතාමත් වැදගත් සුබ ආරංචියක් ලැබිලා තියෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් මෙවර සරසවි ප්‍රවේශයට අදාළව සුවිශේෂී තොරතුරු කිහිපයක් නිල වශයෙන් මාධ්‍යයට අනාවරණය කර තිබෙනවා.

මෙවර විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ මුළු සංඛ්‍යාව 92,043 කි.
සරසවි සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 42,937 කි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළ ආකාරයට, ඉදිරි මාස කිහිපය ඇතුළත සරසවි ප්‍රවේශයේ සියලු කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව වැදගත්ම දින වකවානු පෙළගැසෙන්නේ මෙන්න මෙහෙමයි.

අගෝස්තු මස පළමු සතිය, 2025/2026 වර්ෂයට අදාළ නිල විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු (Z-Score) නිකුත් කිරීමට නියමිතයි.

අගෝස්තු මස 2, 3 සහ 4 වන සති, තේරී පත්වන සිසුන් විශ්වවිද්‍යාල සඳහා නිල වශයෙන් ඇතුළත් කර ගැනීම (Registration) සිදු කිරීමට නියමිතයි.

සැප්තැම්බර් මස මුල් සති තුළ ඒ ඒ විශ්වවිද්‍යාලවල කාලසටහන් අනුව නවක සිසුන් සඳහා අධ්‍යයන කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර 92,000කට අධික පිරිසක් අයැදුම් කර තිබුණත්, ඉන් සරසවි වරම් හිමිවන්නේ 43,000 සීමාවකට ආසන්න පිරිසකට පමණයි. ඒ නිසා අගෝස්තු මුල් සතියේ එන කඩඉම් ලකුණු තීරණය සරසවි සිහිනය දකින දහස් ගණනක් දරුවන්ගේ අනාගතය තීරණය කරන තීරණාත්මක සතියක් වනු නොඅනුමානයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top