ලක්ෂ හතරහමාරක් මඟ බලාගෙන හිටපු සා.පෙළ ප්‍රතිඵල ගැන අලුත්ම අප්ඩේට් එක මෙන්න.
Monday, 15 June 2026 - 14:49 | Views - 72
ගොඩක් දෙනෙක් ඇඟිලි ගනිමින් නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු සාමාන්ය පෙළ විභාග ප්රතිඵල ගැන අලුත්ම ආරංචියක් විභාග දෙපාර්තමේන්තුවෙන් එළියට ඇවිත් තියෙනවා.
 
විභාග දෙපාර්තමේන්තුවේ ඇතුළේ ආරංචි මාර්ගවලින් කියවෙන විදියට, මේ සති අන්තයේදීම සා.පෙළ ප්රතිඵල අන්තර්ජාලයට මුදාහරින්නයි සූදානම් වෙන්නේ.

මෙවර පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හාරලක්ෂ පනස් දහසක් (450,000) පමණ විභාගයට පෙනී ඉඳලා තියෙනවා.

මේ දවස්වලත් කඩිමුඩියේම මේ ළමයින්ගේ දත්ත පරිගණකගත කිරීමේ වැඩකටයුතු සිදුවෙමින් පවතිනවා කියලයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සා.පෙළ ප්රතිඵල එනකම් බලාගෙන ඉන්න අයට සතුටු වෙන්න වගේම, ඊළඟට විභාග ලියන්න ඉන්න අයටත් පොතපතට බහින්න කාලේ ඇවිත්. විභාග දෙපාර්තමේන්තුව අනිත් විභාග ගැනත් ස්ථිර දින වකවානු දීලා ඉවරයි.

කලින් සැලසුම් කරලා තිබුණු විදියටම, කිසිම වෙනසක් නැතුව අගෝස්තු 10 වැනිදා පටන් ගන්න ලෑස්ති කරලා තියෙනවා.

පොඩිත්තන්ගේ ශිෂ්යත්ව විභාගය ඊට කලින් දවසේ, ඒ කියන්නේ අගෝස්තු 9 වැනිදා පවත්වන්නයි තීරණය කරලා තියෙන්නේ.

සා.පෙළ ප්රතිඵල එනකම් බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා හැමෝටම ඉහළින්ම පාස් වෙන්න කියලා අපි සුබ පතනවා.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වගේම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළෙත් අතිශය ඉහළ ප්‍රේක්ෂක...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න ලස්සනම වගේම, තමන්ගේ සරාගී පෙනුම නිසාම නිතරම කාගේත් දැඩි අවධානයට...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top