නුවර යන්න ඉන්න අයට සුපිරිම ආරංචියක්. පාරවල් 4ක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන අලුත්ම ප්ලෑන් එක මෙන්න.
ඔන්න මහනුවර පැත්තේ ඉන්න, දවස ගාණේ ට්‍රැෆික් එකේ හිරවෙලා රස්තියාදු වෙන අපේ අයට සුපිරිම ආරංචියක් තියෙනවා.
නුවර නගරයේ තියෙන එපා වෙන වාහන තදබදයට නියම ගේමක් දෙන්න ලංකා මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ දෙවැනි අදියර දැන් සෙන්කඩගල පුරවරයට එන්නයි ලෑස්තිය.
මේ දැවැන්ත ව්‍යාපෘතියේ මහ ගෙදර වෙන්නේ ලෝක බැංකු ආධාර මත ඉදිවෙන මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයයි. මේ පර්යන්තය කේන්ද්‍ර කරගෙන නුවර ප්‍රධාන පාරවල් 4ක් ඔස්සේ වෙනමම ප්‍රමුඛතා මන්තීරු දාගෙන තමයි මේ මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක වෙන්න යන්නේ. ඒ කියන්නේ අනිත් වාහන ට්‍රැෆික් එකේ රස්තියාදු වෙද්දී, මේ බස් එකේ යන අයට කිසිම අවහිරයක් නැතුව VIP ලෙවල් එකට තමන්ගේ ගමන යන්න පුළුවන්.
නිකන්ම බස් නෙවෙයි... මේවා අමුතුම ලෙවල් එකක අත්දැකීමක්. සාමාන්‍ය බස් එකක යනවට වඩා මේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ තියෙන විශේෂතා දැක්කම කාට වුණත් මේකෙ යන්න ආස හිතෙයි.
ඩිජිටල් තාක්ෂණය- බස් එක තියෙන්නේ කොහෙද, එන්නේ කීයටද කියලා දැනගන්න පුළුවන් ඩිජිටල් තොරතුරු පද්ධති මේකට ඇතුළත්.
ස්මාර්ට් කාඩ් - මාරු කාසි හොය හොය කොන්දොස්තර මහත්තයා එක්ක රණ්ඩු වෙන්න ඕනේ නෑ. කාඩ් එක ටැප් කරලා පාඩුවේ යන්නයි තියෙන්නේ.
පහසුවෙන් ගොඩවෙන වේදිකා - වයසක කෙනෙක්ට, කුඩා දරුවෙක්ට වුණත් කිසිම අමාරුවක් නැතුව ලේසියෙන්ම බස් එකට නගින්න පුළුවන් විදිහට තමයි ප්ලැට්ෆෝම් නිර්මාණය වෙන්නේ.
වැදගත්ම දේ තමයි, මේ අලුත් වැඩේ කරන්නේ මහනුවර කියන අපේ පෞරාණික උරුමයට කිසිම හානියක් නොවෙන විදිහට, ඒ ගාම්භීරත්වය ආරක්ෂා කරගෙනයි. ඉතින් ඉස්සරහට නුවර යනවා කියන්නේ කාර්යක්ෂම, ආරක්ෂිත වගේම මාරම පහසු ගමනක් වෙයි. කොහොමද නුවර අයට ලැබුණු ඒ චාන්ස් එක.