ඒක විහිළුවක් නෙවෙයි මරණයේ දොරටුවක්..! තමන්ගේම යාළුවාව වතුරේ ගිල්වන්න හදපු හොඳම යාළුවන්ගේ අමුතුම සෙල්ලම..
Monday, 15 June 2026 - 8:52 | Views - 69
සමාජ මාධ්ය පුරා මේ දවස්වල වේගයෙන් සැරිසරන එක වීඩියෝවක් නිසා මුළු ෆේස්බුක්, ටික්ටොක් පරිශීලකයින්ම දැඩි කම්පනයකට වගේම කෝපයකට පත්ව තිබෙනවා.

ඒ වීඩියෝවේ ඉන්නේ තරුණයන් පිරිසක්. බැලූ බැල්මට එකට කාලා ඇඳලා ඉන්න, පණ ඇරලා ඉන්න හොඳම යාළුවෝ සෙට් එකක්. ඔවුන් වැවකට බැහැලා හිනාවෙවී, සින්දු කියමින් හරිම විනෝදයෙන් නාන ගමන් ඉන්න දර්ශනයක් තමයි මුලින්ම පෙනෙන්නේ. හැබැයි ඒ සතුට විනාශ වෙන්න යන්නේ තත්පර ගාණයි.

එතන හිටපු මිතුරන් දෙදෙනෙක් එකතු වෙලා, තමන්ගේම කල්ලියේ ඉන්න තවත් එක යාළුවෙක්ගේ ඔළුවට ප්ලාස්ටික් බාල්දියක් දාලා, එයාව වතුර යටට තද කරගෙන ඉන්නවා වීඩියෝවේ පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා.

ඒ කරන අයට ඒක තවත් එක "ආතල්" එකක්, "ෆන්" එකක් විතරක් වෙන්න ඇති. හැබැයි වතුර යට හුස්ම හිරවෙන, ජීවිතයත් මරණයත් අතර දඟලමින් සටන් කරන ඒ අහිංසක තරුණයාට ඒක විහිළුවක් නෙවෙයි, මරණයේ දොරටුවයි.

මෙවැනි ක්රියා ඇත්තෙන්ම විහිළුවකට ගත නොහැකි, ඉතාමත් බරපතල තත්ත්වයක්. වතුර යටදී හුස්ම හිරවීම, පෙනහළුවලට වතුර යාම (Dry Drowning) හෝ ක්ෂණිකව ඇතිවන කම්පනය (Shock) නිසා ඕනෑම මොහොතක කෙනෙක් මෙලොව හැර යන්න පුළුවන්. තමන්ගේ සතුට වෙනුවෙන් තව කෙනෙක්ගේ ජීවිතය අනතුරේ දාන එක යාළුකම නෙවෙයි, නොමේරූ මෝඩකමක්.

යාළුවෝ එක්ක නාන්න ගියපු පුතා මිනී පෙට්ටියකින් ගෙදර එනකොට, ඒ දරාගන්න බැරි මහා දුක විඳවන්න වෙන්නේ අර බාල්දිය ඔළුවට දාපු, ආතල් එක ගත්තු යාළුවන්ට නෙවෙයි, රත්තරන් වගේ හදලා වඩපු අම්මටයි තාත්තටයි විතරයි.

විනෝද වෙන්න. හැබැයි ඒ විනෝදය තව කෙනෙක්ගේ ජීවිතයේ අවසානය නොවන විදිහට. මෙවැනි භයානක සෙල්ලම් ඒ මොහොතේ සිනහවෙන් කෙළවර වුණත්, ඊළඟ තත්පරයේදී මුළු ජීවිත කාලයටම හිරගෙවල් අස්සේ විඳවන්න වෙන මහා ඛේදවාචකයක් වෙන්න පුළුවන්.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top