අගෝස්තු 7 වෙනකම් වෙන්න යන දේ මෙන්න...මෙවර උසස් පෙළ ලියන ළමයින්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්!
Sunday, 14 June 2026 - 19:49 | Views - 70
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින සිසු සිසුවියන් වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ලබන අගෝස්තු මස 7 වැනිදා දක්වා උසස් පෙළ සිසුන් වෙනුවෙන් පාසල් පවත්වන දින ගණන පිළිබඳවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් පාලන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී ඇත්තේ අගෝස්තු 7 වැනිදා වන විට උසස් පෙළ විභාගයට නියමිත සියලුම විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කර සිසුන්ව විභාගය සඳහා සූදානම් කරන ලෙසයි.

යම් හෙයකින් කිසියම් පාසලක විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමාදයක් පවතින්නේ නම්, ඒ සඳහා පූර්ව සැලැස්මක් සකස් කර ගන්නා ලෙසත්, අමතර කාලයක් (Extra Classes) යොදාගෙන හෝ කෙසේ හෝ විෂය නිර්දේශ ආවරණය කිරීමට පියවර ගන්නා ලෙසත් එහි අවධාරණය කර තිබෙනවා.

පසුගිය කාල වකවානුවේ රටේ පැවති අයහපත් ආපදා තත්ත්වය සහ බදාදා දිනයන් නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට වටිනා පාසල් දින 15 ක කාලයක් අහිමි වී ගොස් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ඒ අනුව එම අහිමි වූ කාලයද ආවරණය වන පරිදි කඩිනමින් වැඩකටයුතු නිම කිරීමට සියලුම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කටයුතු කරනු ඇතැයි බලධාරීන් බලාපොරොත්තු වෙනවා.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top