රටක් කතාවුණු ඒ සිද්ධියෙන් පස්සෙත් මේ අහිංසක ජීවිත භාරගන්න සිටියේ ඔහු විතරයි. මිහිදන් වුණු සිරුරුවලට ඉතුරු වුණු එකම නෑයා, "ලොකු අයියා"
ඔහුගේ මේ වැඩිහිටි නිවාසය ගැන සමාජමාධ්ය තුළ පුවත් මැවෙන්නේ මීට කලකට ඉහතදීයි. ඒත් එදා රෑ මේ අඳුරු සිදුවීමෙන් පසු බොහෝ දෙනා ඔහුට දොස් නැගුවා.
ඇසෙන කතාව මොකක් වුණත් අවසානයේ නැවතත් මේ මිහිදන් වුණු සිරුරුවලට සිටි එකම භාරකරයා වන්නේ ලොකු අයියාම පමණයි.
සමාජමාධ්ය තුළ සංසරණය වුණු මේ ඡායාරූපවලින් නැවතත් ඒ කතාවට සැමගේ අවදානය යොමු වුණා.
කොහොම වුණත් එදා ඒ අවාසනාවන්ත ගින්නෙන් මියැදුණු ජීවිතවලට අවසන් ගෞරවය දක්වන්න ඔහුගේ ධන පරිත්යාගය ලබාදෙන්න තරම් මේ මිනිසා සංවේදී අයෙකු වුණා.