තෑගි මල්ලට ලොබ සිතූ තරුණිය මුහුණුපොතේ පෙම්වතාට නොසිතූ මුදලක් ලබාදෙයි.. දින කිහිපයකට පසු ඔහුගේ සිනහවට, කතාවට මොකද වුණේ..? සියල්ලන් කම්පනයට..
Sunday, 14 June 2026 - 18:11 | Views - 52
සමහර වෙලාවට ඕන තරම තරුණියෝ මේ වගේ ආල කතාවලට රැවටෙනවා ඇති. මේ අන්න ඒ වගේ තවත් එක් සිදුවීමක්. මුහුණට මුහුණ මුණ නොගැසුණත් මුහුණු පොතෙන් මිතුරු වූ විදෙස් ජාතික මිතුරා පැවසූ බොරුවලට හසුවූ මෙරට මිතුරියක ගැන අසන්නට ලැබෙන්නේ ලංකාවේ තවත් එක් ගම්මානයකින්. ඇය ඇත්තටම ඔහුගේ ඒ බස්වලට රැවටුණේ, එය ඉතාම සැලසුම් සහගතව මේ තරුණයා සිදුකළ නිසයි.

මුහුණු පොත ඇයට හරිම හුරු තැනක්. එහි ඇය සැරිසරන්නේ කාලයකම සිටමයි. ඉඩක් ලද සැණින් ඇය යන්නේ මුහුණු පොතටයි. මුහුණු පොතට ගිය සැණින් ඇයගේ මුහුණට සිනහව එන්නේ ඔහු නිසාද..? මීළඟ ප්රශ්නාර්ථය වන්නේ එයයි.

මුහුණු පොත අතපත ගාමින් සිටින ඇයට විදෙස් රටක තරුණයෙක් මාට්ටු වුණා. මේ පුද්ගලයා සිටියේ චීනයෙයි. දෙරටේ සිටියත් දෙන්නට දෙන්නා කතා බස් කර ගත්තේ මුහුණු පොත හරහායි. ඒ හරහා කෙටි පණිවිඩයන් ද හුවමාරු වූ අවස්ථා නැත්තේ ද නොවේ.

පොඩි පොඩියට ආරම්භ වූ මේ ඇයි හොඳැයිය ලොකුවීමට ලොකු කාලයක් ගත වුණේ නැහැ. චීනා ඇය බැලීමට සිරි ලංකාවට එන බව කීවේද මේ අතරයි. ඔහු ඇය බැලීමට දෙඅත වන වනා ඒමට කැමති වූවේ නම් නැහැ. ඒ නිසාම ඇය බැලීමට එන ගමනේ දී ඇයට අවශ්යයි කියූ සබ්බ සකල මනාවම චීනා මිලදී ගත්තා.

එය මුසාවක් නොවූවේ ඒ ගත්තු සෑම ද්රව්යයක්ම ඇයට චීනා මුහුණු පොත හරහා පෙන්නුවා. එතන ලක්ෂ විසිපහක බඩු ආදිය වුණා. ඇයට සතුටුයි. චීනා සිපවැළඳගන්නට තරම් පිනා ගිය සතුටක් ඇය තුළ වුණා.

චීනා ඇයට ගත්තු බඩු භාණ්ඩ පෙට්ටියක ඇසුරුවා. එහි ඔහුගේ නම ගසා ඇයගේ නිවසේ ලිපිනය ලිව්වා. මේ ලිපිනය ලියූ බඩු පෙට්ටියේ ද ඡායාරූප සහ වීඩියෝ චීනා අපේ කෙල්ලට පෙන්නුවා. කෙල්ලට යළිත් සතුටුයි. ඇත්තටම චීනා ලංකාවට ආපු සැණින් ඔහුව හාදු වැස්සකින් තෙමන බවට සිතා ගත්තා.

ඒ විතරක්ම නොව චීනා තමන්ට සිරි ලංකාවට ඒමට ගැසූ වීසා සහිත ගුවන් ගමන් බලපත්රයේ ඡායාරූප ද ඇයට දැක ගන්නට සැලැස්සුවා. එය දුටු ඇයට ලංකාවට පැමිණෙන චීනාට ඔහු ඇගෙන් ඉල්ලන ඕනෑම දෙයක් දීමට තරම් ආදරයක් උපන්නා.

මෙය මෙසේ සිදුවෙද්දී චීනා ඇයට කීවේ තමා රැගෙන එන බඩු පාර්සලයට ගුවන් තොටුපොළට ලංකා මුදලින් රුපියල් ලක්ෂ පහක් පමණ බැඳීමට සිදුවෙන බවයි. තමාට චීනයේ සිට එය කළ නොහැකි හෙයින් මේ මුදල තමා එවන ගිණුම් අංකයට බැර කරන ලෙස චිනා ඇයගෙන් ඉල්ලා සිටියා.

ඇය එයට එක පයින්ම එය අනුමත කළා. එයට හේතුභූත වූ කාරණා දෙකකි. ඉන් පළමු වැන්න චීනා හැර ඇයට දැන් කෙනකු නැති විශ්වස නැති තරමටම ඇය ඔහුට ආදරය කිරීමයි. අනෙක ඒ ගිණුම් ගත කරන මුදල චීනා ලංකාවට පය ගැසූ සැණින් දෙනුයේ ඇමරිකානු ඩොලර්වලින් වීමයි. එකට එකක් එක්කය. කතා දෙකක් නැත ඇය ලක්ෂ විසිපහක තිහක බඩු පාර්සලය ගන්න රුපියල් ලක්ෂ පහක් වියදම් කළත් මොකද ඇය විතරක්ම නොව ඇයගේ මවුපියෝ ද එලෙස කල්පනා කළා.

අතේ තිබූ මුදලත් මදිපාඩුවට රන් ආභරණත් ඔවුහු උකසට තබා චීනා මුහුණු පොතට එවූ ගිණුම් අංකයට දැමුවේ අන්න ඒ නිසයි. දැන් ඔවුන් බල බලා සිටියේ චීනා ලංකාවට එන දවසයි. ඔහු රැගෙන එන බඩු පාර්සල දිහායි. චීනා එන පාටක් නැහැ. අඩු තරමින් ඔහු මුහුණු පොතෙන්ද ඇය සමග මුහුණට මුහුණ බලා කතාවක් ද නැහැ. ඔහු කළේ මුලාවක් බව මේ සල්ලි වැටුණු සැනින් ඔවුන්ට දැනුනත් දැන් ඔවුන්ට ඒ වෙනුවෙන් කර කියාගන්න කිසිවක් නැති. උකස් කළ ආභරණත් කෙසේ හෝ බේරා ගැනීමට ඔවුන් දැන් හිතන්නට වෙනවා.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top