පොසොන් සමයේ පාරට බහින යතුරුපැදිකරුවන්ට පොලීසියෙන් දැඩි නිවේදනයක්.. අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුමක් මෙන්න.
Saturday, 13 June 2026 - 15:05 | Views - 82
ඉදිරි පොසොන් උත්සව සමය තුළ අධික ශබ්ද පිටකරමින් මහජනතාවට පීඩාවක් වන අයුරින් ධාවනය කරනු ලබන යතුරුපැදි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

පසුගිය වෙසක් සමයේදී අධික ශබ්ද නගන යතුරුපැදිවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ ආකාරයටම මෙම පොසොන් පොහොය සමයේදී ද එම නීති රීති ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සහ­කාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළා.

උත්සව නැරඹීමට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සහ සාමකාමී වටපිටාව රැකගැනීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.

ඒ අනුව, වෙනස් කරන ලද සයිලන්සර් (Modified Silencers) සහිත සහ නියමිත ධ්වනි සීමාවන් ඉක්මවා අධික ශබ්දය පිටකරන යතුරුපැදි සම්බන්ධයෙන් පොලිස් මාර්ග බාධක සහ ජංගම මුරසංචාර මඟින් දැඩි සෝදිසි කිරීම් සිදුකිරීමට නියමිතයි.

එවැනි යතුරුපැදි ධාවනය කරන පිරිස්වලට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව නීතිමය පියවර ගන්නා බව ද පොලීසිය අවධාරණය කරනවා.
Share This Article
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු,...
Hiru Tv Blog
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top