පොසොන් සමයේ පාරට බහින යතුරුපැදිකරුවන්ට පොලීසියෙන් දැඩි නිවේදනයක්.. අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුමක් මෙන්න.
ඉදිරි පොසොන් උත්සව සමය තුළ අධික ශබ්ද පිටකරමින් මහජනතාවට පීඩාවක් වන අයුරින් ධාවනය කරනු ලබන යතුරුපැදි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
පසුගිය වෙසක් සමයේදී අධික ශබ්ද නගන යතුරුපැදිවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ ආකාරයටම මෙම පොසොන් පොහොය සමයේදී ද එම නීති රීති ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළා.
උත්සව නැරඹීමට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සහ සාමකාමී වටපිටාව රැකගැනීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.
ඒ අනුව, වෙනස් කරන ලද සයිලන්සර් (Modified Silencers) සහිත සහ නියමිත ධ්වනි සීමාවන් ඉක්මවා අධික ශබ්දය පිටකරන යතුරුපැදි සම්බන්ධයෙන් පොලිස් මාර්ග බාධක සහ ජංගම මුරසංචාර මඟින් දැඩි සෝදිසි කිරීම් සිදුකිරීමට නියමිතයි.
එවැනි යතුරුපැදි ධාවනය කරන පිරිස්වලට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව නීතිමය පියවර ගන්නා බව ද පොලීසිය අවධාරණය කරනවා.