වසංගතයක් ලෙස පැතිර යන H1N1 රෝගය පිළිබඳ දැනුවත් වෙන්න
Friday, 21 April 2017 - 14:53 | Views - 40,327

මේ දිනවල වසංගතයක් මෙන් පැතිර යන H1N1 රෝගය බොහෝ ගෙවල්වලින් අසන්නට ලැබෙනවා. මෙය බොහෝසෙයින් බලපාන්නේ ළමුන්ට හෝ ගැබිනි මව්වරුන්ටයි. ලංකාවේ මෙම රෝගය බොහෝවිට මැයි, ජූනි, ජූලි හා නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි යන මාසවල බහුවල පැතිර යයි.
මෙම රෝගය සමඟ දුර්වල ප්‍රතිශක්තියක් ඇති අයට සටන් කිරීමට ඉතාමත් අපහසුයි. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙමින් පවතින බැවින් මෙම රෝගය වැළඳීම ඉතා භයානකයි.
ගර්භණි මවකට මෙම රෝගය භයානකවන්නේ කළලයේ වැඩීමට හා මවගේ ප්‍රතිශක්තියට බලපෑම් කරන බැවිනි.
මේ රෝගය බෝවන්නේ ආසාදිත පුද්ගලයින් කිවිසීම හෝ කැස්ස මගින් වාතයට විෂබීජ මුදා හැරෙමිනි.
රෝග ලක්ෂණ :
සාමාන්‍ය හා ඉහළ උණ තත්වය සමග කැස්ස
හුස්ම ගැනීමේ අපහසුතා
උගුරේ ආසාදන
සෙම්ප්‍රතිශ්‍යාව
මෙම රෝගය වැළඳුනොත් කළයුතු දේවල් :
01. කුඩා දරුවෙක්නම් දරුවට කෑමට බලකිරීම නොකළ යුතුයි
02. රෝගියාට හැකි තරම් විවේක ගැනීමට ඉඩ දිය යුතුයි
03. රෝගියාට සුප්, පළතුරු යුෂ, වතුර වැනි ද්‍රවමය ආහාර වැඩියෙන් ලබා දෙන්න
04. ඉන්ෆ්ලුවැන්සා වැළඳුනු අයෙකු ළඟට ගිය විට සම්පූරණයෙන් පිරිසිදු වීම වැදගත් කරුණක්
05. රෝගියා හැකි තරම් අන් අයගෙන් වෙන්වී සිටිමට වගබලා ගත යුතුයි
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article