කටුනායකින් සිඩ්නි යන්න ගිය ශ්‍රී ලංකන් යානයකට අහසේදී සිදුවූ දරුණු ඇබැද්දිය. මගීන් 207කගේ ජීවිත බේරුණු හැටි මෙන්න.
Friday, 12 June 2026 - 16:45 | Views - 72
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (12) අලුයම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අහසේදී අකුණු සැර වැදීමේ අනතුරකට මුහුණ දී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා අද අලුයම පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL- 606 දරණ යානයේ එන්ජිමකට මෙලෙස අකුණු සැර වැදීම හේතුවෙන්, එම යානය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත කටුනායක ගුවන් තොටුපළ වෙතම හරවා ගෙන්වා ගෙන තිබෙනවා.

පියාසර කිරීම ආරම්භ කර සුළු වේලාවකට පසු යානය මෙලෙස හදිසියේම ආපසු හරවා ගොඩබස්වන අවස්ථාව වන විට එහි ගුවන් කාර්ය මණ්ඩලය සහ මගීන් 207 දෙනෙකු සිටි බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල කියා සිටියා.

ගුවන් නියමුවන්ගේ දක්ෂතාවය හේතුවෙන් කිසිවෙකුටත් හානියක් නොවී යානය නිරුපද්‍රිතව කටුනායකට ගොඩබැස්වීමට හැකි වී තිබෙනවා.

අකුණු සැර වැදීමෙන් යානයේ එන්ජිමට හෝ වෙනත් පද්ධතිවලට යම් හානියක් සිදුවී ඇත්දැයි බැලීම සඳහා මේ වන විට කටුනායක ගුවන් තොටුපළ ඉංජිනේරුවන් විසින් යානයේ විශේෂ තාක්ෂණික පරීක්ෂා කිරීම් (Technical Inspections) සිදු කරමින් පවතින බවද සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් තහවුරු කළා.
Share This Article
Hiru Tv Blog
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top