ඊයේ ඩොලර් 90 සීමාව පැනපු බොරතෙල් බැරලය අද වෙනස්ම අගයකට.. ලෝකයේ යුද තත්ත්වය මැද ඉන්ධන මිලට සිදුවූ දේ..
ලෝක බලවතුන්ගේ දේශපාලන තීරණ හමුවේ සලිත වන ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් වරක් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරාම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබූ තෙල් මිල මෙලෙස ක්ෂණිකව පහත වැටීමට බලපා ඇත්තේ අන්තර්ජාතික වශයෙන් සිදුවූ සුවිශේෂී දේශපාලනික සහ මිලිටරිමය තීරණයක් බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස පහළ යාමට සෘජුවම බලපා ඇත්තේ අමෙරිකාව විසින් ඉරානයට හමුදා ප්‍රහාර එල්ල කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමයි.
මෙම තීරණයත් සමඟ මැදපෙරදිග කලාපයේ පැවති දැඩි යුදකාමී නොසන්සුන්කාරී වාතාවරණය මඳක් සමනය වීම නිසා ගෝලීය තෙල් සැපයුමට එල්ල වීමට තිබූ බාධාවන් ඉවත් වී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලර් 90 සීමාව ද ඉක්මවා ගොස් ඉහළ අගයක පැවති ලෝක ප්‍රකට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 89.29 ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, අනෙක් ප්‍රධානතම තෙල් දර්ශකය වන ඩබ්ලිව්. ටී. අයි. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද මේ වන විට අමෙරිකානු ඩොලර් 86.71 ක් ලෙස සටහන් වනවා.