කුඩා ගඟේ ජල මට්ටම ඉහළට.. දිස්ත්‍රික්ක 4කට අදියර 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්..
Friday, 12 June 2026 - 16:32 | Views - 65
පවතින වැසි තත්ත්වය හේතුවෙන් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම අවදානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කැළණි, ගිං, නිල්වලා යන ගංගාවල මෙන්ම අත්තනගලුඔය ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ද ජල මට්ටම පිළිබදව අවධානයෙන් සිටිය යුතු බව එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපා ආරච්චි කියා සිටියා.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා අදියර 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඔගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, අයගම, රත්නපුර, ගොඩකවෙල, කලවාන සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි එම ආයතනය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top