"ප්‍රදේශයේ මන්ත්‍රීලාට පාසල් උත්සව තහනම් කරලා නෑ" පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයට අගමැතිනි හරිනි අමරසූරිය දුන් පිළිතුර මෙන්න.
Thursday, 11 June 2026 - 16:21 | Views - 30
දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි වීම තහනම් කරමින් පසුගිය කාල සීමාව තුළ වත්මන් රජය ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණය වර්තමානය වන විට බලාත්මක නොවන්නේ දැයි කියන ගැටලුව ඊයේ (10) පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් ඊයේ සභාව අමතමින් මේ පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් සෘජුවම ප්‍රශ්න කර සිටියා.

පාසල් තුළ දේශපාලනය කිරීම සඳහා උත්සව පාවිච්චි කිරීමට තමන් එදත්, අදත් මෙන්ම හෙටත් එකසේ විරුද්ධ වන බව හේෂා විතානගේ මන්ත්‍රීවරයා නැඟූ ප්‍රශ්නයට සෘජුවම පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිනිය ප්‍රකාශ කර සිටියේ මෙවැනි අදහසක්.

''අපි ඒ ප්‍රකාශය කළේ විශේෂයෙන්ම පාසල් දරුවන්ව දේශපාලනිකව අවභාවිතා කිරීම ඒ කියන්නේ පාසල් උත්සව පවත්වලා දරුවන්ට සුදුසු විදිහට නෙමෙයි, දේශපාලනය කිරීමට එය උත්සව පාවිච්චි කිරීමට අප විරුද්ධයි. එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මම හිතන්නේ නෑ අපේ 159 දෙනාගෙන් එක්කෙනෙක්වත් එහෙම කරනවා කියලා. ඒ කියන්නේ හැබැයි ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකුට තමන්ගේ පාසල , අවට පාසල්වලට ගිහිල්ලා නිරීක්ෂණයක් කරලා උත්සවයකට සහභාගී වෙන එක අපි තහනම් කරලා නෑ. අපි කියන්නේ පාසල් පද්ධතියවත්, දරුවන්වත් දේශපාලනිකව අවභාවිත කරන එකට අපි විරුද්ධවයි, ඒක කරන්න එපා කියලා තමයි අපි කියලා තියෙන්නේ ''
Share This Article
Hiru Tv Blog
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top