ඉතිහාසයේ දැවැන්තම FIFA පාපන්දු ලෝක කුසලානය ඇරඹීමට සියල්ල සූදානම්.. අලුත් රසිකයෙක් නම් මේ විස්තරය වැදගත් වෙයි.
Thursday, 11 June 2026 - 15:10 | Views - 80
ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ ඉහළම ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙන FIFA World Cup 2026 ආරම්භ කරමින් එහි සමාරම්භක මහා තරගය අද (11) මෙක්සිකෝ නුවරදී පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබෙනවා.

වසර 100කට ආසන්න ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් තුනක (මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකා එක්සත් ජනපදය) ඒකාබද්ධ සත්කාරකත්වයෙන් (Joint hosts) පැවැත්වෙන මෙම තරගාවලියේ අවසාන මහා තරගය එළඹෙන ජූලි 19 වැනිදා අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය ඉතිහාසයේ දැවැන්තම ලෝක කුසලානය වන අතර, ඊට රටවල් 48ක් තරග වදියි.

කණ්ඩායම් 48, කාණ්ඩ 12කට (Groups of 4) බෙදා ඇති අතර, එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක ලබාගන්නා කණ්ඩායම් සෘජුවම '32 වටය' (Round of 32) සඳහා සුදුසුකම් ලබනවා.

ඉතිරි ස්ථාන සඳහා කාණ්ඩ මට්ටමේ තෙවැනි ස්ථාන දිනාගත් හොඳම දක්ෂතා දැක්වූ කණ්ඩායම් 8ක් තේරී පත්වෙනවා.

කාණ්ඩ වටයේදී තරගයක් ජයග්‍රහණය කරන කණ්ඩායමකට ප්‍රසාද ලකුණු 3ක් ද, සම වීමකදී (Draw) කණ්ඩායම් දෙකටම 1 ලකුණ බැගින් ද හිමිවන අතර, පරාජය වන කණ්ඩායමට ලකුණු හිමි නොවේ.

කාණ්ඩ වටයේදී දඬුවම් පහර (Penalty shootouts) ක්‍රියාත්මක නොවන අතර, 32 වටයෙන් පසු තරගයක් සම වුවහොත් අමතර විනාඩි 30ක් ලබා දී, එහිදීත් සම වුවහොත් පමණක් දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයා තීරණය කරනවා.

තරගයක් විනාඩි 90ක් පුරා අර්ධ දෙකකින් (විනාඩි 45 බැගින්) පැවැත්වෙන අතර, මැද භාගයේදී විනාඩි 15ක විවේකයක් හිමිවේ. මෙවර ගිම්හාන කාලගුණය (Summer heat) සැලකිල්ලට ගනිමින් ක්‍රීඩකයින් සඳහා අනිවාර්ය ජල විවේක කාලයන් (Mandatory water breaks) ද හඳුන්වා දී තිබෙනවා.

මෙවර සත්කාරක නගර (Host Cities) වන්නේ මෙක්සිකෝවේ ග්වාඩලහාරා, මොන්ටෙරේ සහ මෙක්සිකෝ සිටි. කැනඩාවේ ටොරොන්ටෝ සහ වැන්කුවර්, අමෙරිකාවේ ඇට්ලන්ටා, බොස්ටන්, ඩලස්, හූස්ටන්, කැන්සාස් සිටි, ලොස් ඇන්ජලීස්, මියාමි, නිව්යෝර්ක්/නිව් ජර්සි, ෆිලඩෙල්ෆියා, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ සියැටල් යන නගරයි.

එමෙන්ම, ලෝක පාපන්දු පිටියේ දශක දෙකක සලකුණ වූ ආර්ජන්ටිනාවේ ලියොනෙල් මෙසී (වයස 39) සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (වයස 41) සහභාගී වන අවසාන ලෝක කුසලාන තරගාවලිය මෙය වනු ඇති බවටයි වාර්තා වන්නේ.

තරගාවලිය කණ්ඩායම් 48ක් දක්වා පුළුල් කිරීමත් සමඟ රටවල් 4ක් සිය ප්‍රථම ලෝක කුසලාන අත්දැකීම ලබාගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව, ජනගහනය 156,000ක් වන කුඩා දිවයිනක් වන කියුරකාඕ (Curaçao) ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ කුඩාම රට ලෙස ඉතිහාසගත වන අතර, කේප් වර්ඩ් (Cape Verde), ජෝර්දානය (Jordan) සහ ප්‍රවීණ ඉතාලි හිටපු නායක ෆැබියෝ කැන්නවාරෝගේ පුහුණුකාරීත්වයෙන් යුත් උස්බෙකිස්ථානය (Uzbekistan) මෙලෙස අලුතින්ම ලෝක කුසලාන පිටියට අවතීර්ණ වෙනවා.

ප්‍රංශය සහ සෙනගාලය (ජූනි 16) / ගානාව සහ එංගලන්තය (ජූනි 23) අතර තරග පැරණි යටත්විජිත ඉතිහාසයේ සෙවනැලි මධ්‍යයේ පැවැත්වෙන බැවින් දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇති.

ඉරානය සහ ඊජිප්තුව අතර අමෙරිකාවේ සියැටල් නුවර පැවැත්වෙන මෙම තරගය, එරට සමලිංගික (LGBT) ප්‍රජාව ඇගයීම වෙනුවෙන් 'Pride' තරගයක් ලෙස නම් කිරීමට ප්‍රාදේශීය සංවිධායකයින් ගත් තීරණයට රටවල් දෙකෙහිම පාපන්දු සම්මේලන ෆීෆා ආයතනය වෙත සිය නිල විරෝධය පළ කර තිබෙනවා.

එමෙන්ම, අමෙරිකාව සමඟ දේශපාලනමය වශයෙන් යුධමය වාතාවරණයක පසුවන ඉරාන කණ්ඩායම, සිය සියලුම කාණ්ඩ වටයේ තරග ඇමරිකාව තුළ ක්‍රීඩා කළ යුතු වුවද, තම පුහුණු කඳවුර මෙක්සිකෝව තුළ පිහිටුවීමට පියවර ගෙන තිබීම ද විශේෂත්වයක්.

BBC ලිපියක් ඇසුරින්.
Share This Article
Hiru Tv Blog
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top