මුළු කොලිවුඩයම හිනස්සන සුපිරි නළු "යෝගී බාබු" හදිසියේම ලංකාවට ඇවිත්.. පැමිණි සැබෑ හේතුව මෙන්න.
ඉන්දීය දෙමළ සිනමාව හෙවත් කොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ පමණක් නොව ශ්‍රී ලංකාව තුළ ද අතිශය ඉහළ ජනප්‍රියත්වයක් සහ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින සුපිරි හාස්‍යෝත්පාදක නළුවෙකු වන යෝගී බාබු (Yogi Babu) හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තම සුපිරි තරු සමඟ කරට කර රංගනයෙන් දායක වෙමින් ප්‍රේක්ෂකයන් බඩකට පුරා සිනස්සන මෙම දක්ෂ රංගන ශිල්පියාගේ ලංකාගමනය පිළිබඳව මේ වන විට මෙරට සිනමා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග විසින් තහවුරු කරලා තිබෙනවා.
යෝගී බාබු මෙලෙස හදිසියේම මෙරටට පැමිණ ඇත්තේ නිවාඩුවක් ගත කිරීමට නම් නොවෙයි.
ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ලබන ඔහුගේ නවතම දකුණු ඉන්දීය සිනමා නිෂ්පාදනයක අතිශය සුවිශේෂී රූගත කිරීම් කටයුතු කිහිපයක් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. එම රූගත කිරීම් වෙනුවෙන් ඔහු මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.
දෙමළ සිනමාවේ Blockbuster ගනයේ සිනමාපට රැසකම ප්‍රධාන මෙන්ම කැපී පෙනෙන හාස්‍යෝත්පාදක චරිත නිරූපණය කරමින් ලෝකවාසී දෙමළ සිනමා රසිකයන්ගේ හදවත් දිනාගත් යෝගී බාබු, මෙරට ප්‍රේක්ෂකයන් අතර ද බෙහෙවින්ම ජනප්‍රිය චරිතයක් වනවා.
ඔහු ලංකාව තුළ රැඳී සිටිමින් දිවයිනේ සුන්දර ස්ථාන කිහිපයකදීම මෙම නවතම සිනමාපටයේ දර්ශන සඳහා පෙනී සිටීමට නියමිතයි.