තාක්ෂණය හමුවේ සෙල්ලම් බඩු මුහුණ දෙන අලුත්ම අභියෝගය.. වසර ගණනාවක බලාපොරොත්තුව අවසන් කරමින් ලෝකෙම හොල්ලන්න එන සුපිරි සිනමා පටය..
Wednesday, 10 June 2026 - 8:54 | Views - 195
ලෝක සිනමා ඉතිහාසයේ සජීවීකරණ (Animation) සිනමාව උඩුයටිකුරු කරමින්, කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ලෝකවාසී මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ආදරණීය "Toy Story" සිනමා මාලාවේ පස්වැනි දිගහැරුම වන "Toy Story 5" චිත්‍රපටයේ නිල තොරතුරු Walt Disney සහ Pixar සමාගම් විසින් මීට මඳ වේලාවකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

"Toy Story 5" සිනමා පටය හරහා වුඩී (Woody), බස් ලයිටියර් (Buzz Lightyear) ඇතුළු ආදරණීය සෙල්ලම් බඩු කණ්ඩායම නැවතත් සිනමා තිරයට පැමිණීමට සූදානම් වනවා.

කෙසේවෙතත් මෙවර ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ සාමාන්‍ය අභියෝගයකට නොවෙයි. වර්තමාන ලෝකයේ දරුවන් සෙල්ලම් බඩු අතහැර ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් (Tech) වෙත ඇබ්බැහි වීමත් සමඟ, සෙල්ලම් බඩු සහ තාක්ෂණය අතර ඇති වන අපූරු මෙන්ම උද්වේගකර ගැටුමක් මෙවර සිනමාපටයෙන් දිගහැරීමට නියමිතයි.

ලෝක ව්‍යාප්ත ප්‍රදර්ශනය සඳහා මෙම සිනමාපටය එළඹෙන 2026 ජූනි මස 18 වැනිදා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය ඇතුළු ලොව පුරා සිනමාහල් වෙත නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Walt Disney Studios Motion Pictures International ආයතනය විසින් මෙහි බෙදාහැරීම් කටයුතු සිදුකරනු ලබනවා.

මෙම දැවැන්ත සිනමා ව්‍යාපෘතිය ඇන්ඩෲ ස්ටැන්ටන් (Andrew Stanton) සහ මැකෙන්නා හැරිස් (McKenna Harris) විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, සුපුරුදු පරිදි ප්‍රධාන චරිත සඳහා ලෝක පූජිත හොලිවුඩ් නළු නිළියන් රැසක් හඬ දායකත්වය සපයනවා. ඒ අනුව:

වුඩී ලෙස - ටොම් හෑන්ක්ස් (Tom Hanks)
බස් ලයිටියර් ලෙස - ටිම් ඇලන් (Tim Allen)
ජෙසී ලෙස - ජෝන් කුසැක් (Joan Cusack)

මීට අමතරව ටෝනි හේල් (Tony Hale), ප්‍රකට රූපවාහිනී නිවේදක කොනන් ඕ'බ්‍රයන් (Conan O'Brien) සහ ග්‍රේටා ලී (Greta Lee) වැනි ජනප්‍රිය තරු රැසක් ද මෙවර චරිත සඳහා පණ පොවනු ලබනවා.

ගෝලීය සිනමාව හොල්ලන්නට එන 'Toy Story 5' සිනමාපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය මෙතැනින් නරඹන්න.

Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top