කඩෙන් වතුර බෝතල් ගන්න අය වහාම දැනගත යුතු පුවතක්.. උපරිම සිල්ලර මිල සීමාවන් වෙනස් කරමින් ආ අලුත්ම ගැසට්ටුවේ සැබෑ විස්තරය.
Thursday, 11 June 2026 - 14:02 | Views - 66
මෙරට වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන ලියාපදිංචි පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල සීමාවන් (MRP) වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරමින් රජය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිකුත් කර ඇති මෙම නවතම නියෝගයත් සමඟ වෙළෙඳපොළේ පවතින විවිධ ප්‍රමාණයේ ජල බෝතල්වල මිල ගණන් රුපියල් 10 සිට රුපියල් 50 දක්වා වන මිල සීමාවන්ගෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වන්නේ.

නිකුත් කරන ලද නවතම ගැසට් නිවේදනයේ සඳහන් පරිදි, විවිධ ධාරිතාවලින් යුත් පානීය ජල බෝතල් සඳහා මින් ඉදිරියට අය කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මිලිලීටර් 500ත් මිලිලීටර් 999 අතර වතුර බෝතලයක් රුපියල් 10කින් ඉහළ ගොස් තිබෙනවා.

ලීටර් 1ත් ලීටර් 1.499 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක් රුපියල් 20කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර ප්‍රමාණයේ වතුර බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ ගොස් තිබෙනවා.

ලීටර් 2ත් ලීටර් 2.499 අතර ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 20කින් ඉහළ ගොස් ඇති අතර ලීටර් 5ත් ලීටර් 6.999 අතර ප්‍රමාණයේ වතුර බෝතලයක් රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.

නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් සහ පවතින නිෂ්පාදන වියදම් සලකා බලමින් රජය විසින් මෙම මිල සීමාවන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව පාරිභෝගික අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේවෙතත්, මෙම නව ගැසට් නිවේදනයේ දක්වා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා වැඩි මිලට ජල බෝතල් අලෙවි කරන වෙළෙඳුන් වැටලීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද එම අධිකාරිය පවසනවා.
Share This Article
Hiru Tv Blog
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top