"අගෝස්තු මාසයේ තියන්න ඉන්න ඒ ලෙවල් විභාගය මාස එකහමාරකින් කල් දාන්න..." පාර්ලිමේන්තුවේදී දරුවන් වෙනුවෙන් නැඟුණු ඉල්ලීමක් මෙන්න.
Wednesday, 10 June 2026 - 15:25 | Views - 147
මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන දරුවන්ට නම් මේ දවස්වල තියෙන්නේ පුදුම පීඩනයක්.

කාලය එක්ක රේස් දුවමින් විෂය නිර්දේශය කවර් කරගන්න දරුවො වගේම ගුරුවරුත් විඳින දුක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.

අන්න ඒ දරුවන්ගේ ප්‍රශ්නය ගැන ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවේදී ලොකු කතාබහක් ඇතිවුණා. මේ ගැන හඬක් නැඟුවේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදාළ බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියේ මෙවර උසස් පෙළ විභාගය සඳහා නියමිත දිනයට වඩා තවත් මාසයක හෝ එකහමාරක පමණ අමතර කාලයක් දරුවන්ට ලබාදෙන ලෙසයි.

ඔහු ඒ ගැන පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කළේ මෙන්න මේ විදියටයි.

"මෙවර උසස් පෙළට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යයන කටයුතු පටන් ගත්තේ 2024 නොවැම්බර් මාසයේ. උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට මාස 24ක කාලයක් ලැබෙනවා. නමුත් මෙවර ලැබී තිබෙන්නේ මාස 18ක පමණ කාලයක්. නමුත් විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට දින නියම වී තිබෙන නිසා අදාළ විෂය නිර්දේශයන් වේගයෙන් ආවරණය කරන්න සිදු වෙලා තියෙනවා. මාස 24 විෂය නිර්දේශය මාස 18කින් කරන්න වෙනවා. ඒ නිසා එය දරුවන්ට අනවශ්‍ය පීඩනයක්. ඒ නිසා විභාගය සඳහා මාසයක එකහමාරක කාලයක් දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා."

උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නය ගැන පමණක් නොනැවතී, ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් මේ දිනවල මුහුණ දී සිටින තවත් බරපතළ ගැටලු දෙකක් ගැනත් මන්ත්‍රීවරයා මෙහිදී සභාවේ අවධානයට යොමු කළා. ඔහු එහිදී මේ බවද ප්‍රකාශ කර සිටියා.

"ඒ වගේම පහ ශ්‍රේණියේ ශිෂ්‍යාධාර පෙබරවාරි මාසයේ සිට ලැබිලා නැහැ. එම දීමනාව ලබාදීමටත් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රාථමික දරුවන්ගේ උදෑසන ආහාර සඳහා වන මුදල ප්‍රමාණවත් නැති බව කියවෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න."

මේ කතාව, කාලය මදිවීමේ පීඩනයෙන් මිරිකී සිටින ඒලෙවල් කරන දරුවන්ට වගේම, ශිෂ්‍යත්ව දීමනා නොලැබුණු දරුවන්ගේ දෙමවුපියන්ටත් යම් බලාපොරොත්තුවක් ගෙන දෙන ආරංචියක් වේවි. මන්ත්‍රීවරයාගේ මේ ඉල්ලීම්වලට බලධාරීන් කන් දීලා දරුවන්ට කඩිනමින් සහනයක් ලබා දෙයිද කියලා අපි ඉදිරියේදී බලාපොරොත්තු සහගතව බලා සිටිමු!
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top