ලංකාවේ කාලගුණය උඩුයටිකුරු කරන්න එන "එල් නිනෝ" අවදානම.. ලබන මාසයේ සිට බලපෑම් එල්ල වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි..
Wednesday, 10 June 2026 - 15:07 | Views - 90
ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සංසිද්ධිය නිරිතදිග මෝසම් කාලගුණය කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවයි.

පැසිෆික් සාගරය ආශ්‍රිතව මේ වන විටත් එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වී ඇති අතර, එහි බලපෑම විවිධ මට්ටම්වලින් මාස 11 ක පමණ කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට එල් නිනෝ බලපෑමෙන් සිදුවිය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙන අතර වාරිමාර්ග, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ, කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන සහ ජල සම්පාදන ඇතුළු ප්‍රමුඛ පෙළේ ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි...
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top