ඉතිරි විදේශ විනිමය ලබන සෑම මසකම 10වෙනිදාට පෙර රුපියල් කිරීම අනිවාර්යයි! අපනයනකරුවන්ට මහබැංකුවෙන් නිවේදනයක්..
Wednesday, 10 June 2026 - 14:04 | Views - 70
කැලැන්ඩර් මාසයක් තුළ මෙරටට ලැබෙන අපනයන ආදායම්වලින් ඉතිරි වන ශේෂය (residual proceeds), ඊළඟ මාසයේ 10 වැනිදා හෝ ඊට පෙර ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සියලුම භාණ්ඩ අපනයනකරුවන්ට අනිවාර්ය කෙරෙන නව රීතියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙම නව රීතියක් බලාත්මක වන්නේ ඊට අදාල යෝජනාව සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවන දිනයේ සිට බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එම ගැසට් නිවේදනය මෙතැනින්,
https://drive.google.com/file/d/1jd_Z_6MQWf9HP6cBo6lTCNgFwavhNE4F/view
Share This Article