නාසා ආයතනයෙන් "ආටෙමිස් III" කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.. සඳ ගමනක් වුවත් සඳ කිට්ටුවටවත් නොයන සැබෑ හේතුව මෙන්න.
Wednesday, 10 June 2026 - 13:49 | Views - 61
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ඇමරිකාවේ නාසා (NASA) ආයතනය විසින් සිය මීළඟ ප්‍රධානතම චන්ද්‍ර මෙහෙයුම වන "ආටෙමිස් III" (Artemis III) සඳහා එක්වන නිල අභ්‍යවකාශගාමීන් කණ්ඩායම (Astronauts Crew) නිල වශයෙන් නම් කර තිබෙනවා.

කෙසේවෙතත්, මුළු ලෝකයම මහත් බලාපොරොත්තු තබාගෙන සිටි මෙම ඓතිහාසික මෙහෙයුමේදී අභ්‍යවකාශගාමීන් සඳ මත පා තැබීම හෝ සඳ ආසන්නයටම ගමන් කිරීම සිදු නොකරන බවටයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළා.

1972 වසරේ Apollo 17 මෙහෙයුමෙන් පසු සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ පළමු ඓතිහාසික පියවර ලෙස ආටෙමිස් III මුලින් සැලසුම් කර තිබුණා.

නමුත්, ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගමේ 'Starship' රොකට්ටුවේ ඇති වූ තාක්ෂණික ප්‍රමාදයන් හේතුවෙන් නාසා ආයතනය පසුගිය පෙබරවාරි මාසයේදී එම සැලසුම් වෙනස් කිරීමට පියවර කළා.

ඒ අනුව, මෙම මෙහෙයුම සඳට නොගොස් පෘථිවියේ පහළ කක්ෂයේ (Low Earth Orbit) පමණක් සිදුකෙරෙන අතිශය සංකීර්ණ තාක්ෂණික පරීක්ෂණ මෙහෙයුමක් (Technology Test) ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙහිදී පෘථිවි කක්ෂයේදී මූලාකෘති චන්ද්‍ර යානා (Prototype Lunar Landers) සමඟ සම්බන්ධ කිරීමේ (Docking) ක්‍රියාවලිය පරීක්ෂාවට ලක් කිරීමටද නියමිතයි.

නාසා ආයතනය විසින් මෙම සංකීර්ණ පරීක්ෂණ මෙහෙයුම වෙනුවෙන් ප්‍රවීණ සහ දක්ෂ කණ්ඩායමක් නම් කර තිබෙනවා.

Randy Bresnik : මෙහෙයුම් අණදෙන නිලධාරී - ඇමරිකාව.
Luca Parmitano: ප්‍රධාන නියමුවා - ඉතාලි අභ්‍යවකාශ ආයතනය
Andre Douglas සහ Frank Rubio: මෙහෙයුම් විශේෂඥයින් - ඇමරිකාව.
Bob Heintz: උපස්ථ කාර්ය මණ්ඩල සාමාජික

නාසා හි සඳ ගවේෂණ වැඩපිළිවෙළට එල්ල වූ අනෙක් ප්‍රබලම බාධාව වන්නේ, ජෙෆ් බෙසොස්ගේ 'Blue Origin' සමාගමට අයත් 'New Glenn' රොකට්ටුව පසුගිය මැයි 28 වැනිදා සිදුකළ එන්ජින් පරීක්ෂණයකදී (Hot-fire Engine Test) දරුණු ලෙස පිපිරී යාමයි.

එමඟින් ලෝන්ච් පෑඩ් එකට (Launch Pad) දැඩි හානි සිදුවූ අතර එය යථා තත්ත්වයට පත් කිරීමට මාස කිහිපයක් ගතවනු ඇති.

මේ අතර, චීනය 2030 වන විට සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමට සැලසුම් කිරීමත්, ට්‍රම්ප් පාලනය විසින් 2028 වන විට ඇමරිකානුවන් සඳට යැවීමට නියෝග කර තිබීමත් නිසා නාසා ආයතනය දැඩි භූ-දේශපාලනික පීඩනයකට ලක්ව සිටිනවා.

වත්මන් වඩාත්ම සුබවාදී කාලසටහනට අනුව ආටෙමිස් III මෙහෙයුම 2027 වසරේදීත්, සැබෑ සඳ ගොඩබැස්වීම් ඇතුළත් ආටෙමිස් IV සහ V මෙහෙයුම් 2028 වසරේදීත් ක්‍රියාත්මක කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා.
Share This Article
Hiru Tv Blog
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි...
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top