ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්.. වහාම සූදානම් විය යුතු ප්‍රදේශ මෙන්න.
Wednesday, 10 June 2026 - 7:56 | Views - 81
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් කරමින්, අද (10) දිනයේදී වහාම ක්‍රියාත්මක වන පරිදි පැය 10 ක කාල සීමාවක් සඳහා ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් හදිසි නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

හෙට උදෑසන කාලයේ සිට රාත්‍රී කාලය දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බැවින්, අදාළ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ජල අවශ්‍යතා කලින්ම සපුරා ගන්නා ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ.

ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

එම නිසා අද (10) පෙ.ව 8.30 සිට එදින ප.ව 6.30 දක්වා පැය 10 ක කාල සීමාවක් සඳහා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවනු ඇති.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටිනවා.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ඉතාමත් අරපිරිමැස්මෙන් යුතුව ජලය පරිභෝජනය කරන ලෙසත්, ජල ටැංකි පුරවා ගනිමින් කලින්ම සූදානම් වන ලෙසත් ඔවුන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි...
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top