ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්.. වහාම සූදානම් විය යුතු ප්‍රදේශ මෙන්න.
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් කරමින්, අද (10) දිනයේදී වහාම ක්‍රියාත්මක වන පරිදි පැය 10 ක කාල සීමාවක් සඳහා ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් හදිසි නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
හෙට උදෑසන කාලයේ සිට රාත්‍රී කාලය දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බැවින්, අදාළ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ජල අවශ්‍යතා කලින්ම සපුරා ගන්නා ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ.
ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
එම නිසා අද (10) පෙ.ව 8.30 සිට එදින ප.ව 6.30 දක්වා පැය 10 ක කාල සීමාවක් සඳහා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවනු ඇති.
ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටිනවා.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ඉතාමත් අරපිරිමැස්මෙන් යුතුව ජලය පරිභෝජනය කරන ලෙසත්, ජල ටැංකි පුරවා ගනිමින් කලින්ම සූදානම් වන ලෙසත් ඔවුන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.